May 18, 2024

ජනපති පුතුගේ නම ගෑවුණු නයිට් ක්ලබ් ගැටුමේ බව කියන CCTV වීඩියෝව එලියට (VIDEO)

අද දිනයේ වඩාත්ම අවධානය දිනාගත් පුවත බවට පත් වී ඇත්තේ පසුගිය දා කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ ගැටුම යි.

මෙයට දේශපාලන ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බවට යි ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර මෙම ප්‍රභූ පුත්‍රයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා බවට විවිධ වෙබ් අඩවි වාර්තා කර තිබෙනු දක්නට ලැබුණා.

එමෙන්ම එම ගැටුමේ බව පැවසෙන CCTV වීඩියෝවක් මේවන විට සමාජ ජාල සහ අන්තර්ජාල මාධ්‍ය හරහා පැතිරයමින් පවතිනවා.

කෙසේ වෙතත් එම වීඩියෝව 2010 වසරේ දී රූගත වූ එකක් බවට එම වීඩියෝවේ පසෙකින් දක්නට ලැබෙන දිනය සාක්ෂි දරන බවට යි ඇතැම් පිරිස් චෝදනා කර තිබුනේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)