May 18, 2024

මගුල් දවසේදී මනාලියගේ උරහිස මත මනාලයා මියගිය හැටි (PHOTOS)

සිය මනාලියගේ උරහිස මත විවාහ දිනයේ දී මියගිය මනාලයෙකු පිළිබඳ පුවතක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු මෙලෙස මියගොස් ඇත්තේ විවාහෝත්සවය නිමවා මනාලිය නිවසට කැන්දාගෙන යන අතරතුරේ දී.

මොවුන් දෙදනා විවාහ වී ඇත්තේ වසර තුනක පමණ ප්‍රේම සම්බන්ධයකින් පසුව යි.

මෙම අවාසනාවන්ත සිදුවීම ඔවුන්ගේ ඥාතීන්ගේ පමණක් නොව ප්‍රදේශයේ බොහෝ දෙනෙකු කම්පනයට ලක්කර තිබෙනවා.

ඉසුරු සම්පත් රණතුංග නමැති මියගිය තරුණයා 25 වියේ පසුවුණා.

ඔහුගේ මනාලියගේ වයස අවුරුදු 24ක්.

ඉසුරුගේ අවසන් මොහොත පිළිබඳ ඉසුරුගේ මනාලිය මෙලෙස සිහිපත් කළා.

"මම මාතර හක්‌මන, ඉසුරු ඉබ්බාගමුවේ, අපි දෙන්නා 2014 කතරගම වන්දනාවේ ආවා. එදා තමා ඔහුත් මාත් ප්‍රථම වරට දැක්‌කේ. දැක්‌කදාම මගේ සිත ඇදිලා ගියා. ඊට පසු ඔහු සමඟ කතා කළා. ඉසුරුගේ දුරකථන අංකය මට දුන්නා. ඉතින් අපි දුරකථනයෙන් නිතරම කතා කළා. ඊට පස්‌සේ එයා දෙමාපියන් සමඟ අපේ නිවසට ආවා. ඇවිත් විවාහයට කැමැත්ත පළ කළා. 6 වැනිදා තමයි විවාහ උත්සවය ගත්තේ. එයා මාත් එක්‌ක විහිළු කරමින් ඩාන්ස්‌ කළා. (හඬයි) අපි ඉබ්බාගමු එන්න පිටත් වුණේ සවස 3.30 ට විතර මාතර අධිවේගී මාර්ගයේ සුන්දර තැනක්‌ දැකලා පින්තූර ටිකක්‌ ගනිමුයි කියලා අපි පින්තූර ගත්තා. ඒ තමයි අවසානවතාවට ගත් පින්තූර. ඇහැලිගොඩ නගරයට එන විට රාත්‍රි 8.30 ට පමණ ඇති. අපි දෙන්නා අනාගතය ගැන විවිධ කතා කියමින් විහිළු කර ගනිමින් මංගල රථයේ ආවේ.

එක පාරටම එයා 'මට මහන්සියි මං ටිකක්‌ නිදා ගන්නවා. ඔයාගේ කරට හේත්තු වෙන්නම්' කියලා මගේ කරට හිස තියා ගත්තා. මට වෙනසක්‌ දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක්‌ අයටත් දැනුම් දුන්නා. පසුව එයාට සිහිය නැහැ. අපේ ඥතීන් ඉසුරු ඉක්‌මනට අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කනගාටුයි මිය ගිහිල්ලා කියලා. අනේ මට කතා කරගන්න බෑ."

ඉසුරුගේ ලොකු අම්මා පැවසූවේ මෙවන් අදහසක්.

"මගේ පුතා මේ දින ටිකේම ඉතාම සන්තෝසෙන් හිටියේ. ලොකු අම්මේ මං අද මනාලිත් එක්‌ක ඩාන්ස්‌ කරනවා. ලස්‌සනද බලන්න කියලා ටික වේලාවක්‌ ඩාන්ස්‌ කළා. ඊට පස්‌සේ අපි ළඟට ඇවිල්ලා මං හෙට ගෙදර එනවිට හොඳ ලස්‌සනට සරසලා තියන්න ඕනෑ. මගේ යාළුවෝ උදව් කරයි කීවා. දොස්‌තර මහත්වරු මරණ පරීක්‌ෂණයේ දී කිව්වේ දිගටම මහන්සිවීමත් නිදි මැරීමත් ආහාර නොගැනීමත් අධික සතුටත් නිසා ඇතිවූ හෘදයාබාධයක්‌ නිසා මියගිය බවයි. අපේ නංගිටත් අයියාටත් මේ දරුවා විතරයි ඉන්නේ අනේ මේ වගේ දෙයක්‌ ඇයි දරුවාට සිද්ද වුණේ"

හඬා වැලපෙන අතරතුරේ දී ඉසුරුගේ ආදරණීය පියා මෙළෙස පැවසුවා.

"ඒ දරුවට අපි ළඟ ඉන්න තිබූ කාලය අවසන් කළා. ඒ නිසා දරුවා දෙවියෝ උදුරා ගත්තා. පුතා ජනශක්‌ති ඉන්ෂුවරන්ස්‌ කුරුණෑගල ශාඛාවේ වැඩ කළා. 2015 යොවුන් පාර්ලිමේන්තුවටත් තරග කළා. අද 08 වැනිදා අට සීයයකට මඟුල් කියලා තිබුණා. නමුත් එයා අද නෑදෑයන් මිතුරන් දෙමාපියන් හැරගිල්ලා. මගේ පුතා සමාජ වැඩකටයුතුවලට ඉතාම දක්‌ෂයි.

මාතර මංගල උත්සවයට එයාගේ යාළුවෝ ඔක්‌කෝම එක්‌ක ගියා. 6 වැනිදා පාන්දර 1.30 ට තමයි අපි මාතර බලා පිටත් වුණේ. නමුත් 7 වැනිදා රාත්‍රි 8.30ට එයා ගෙදර ආවේ පෙට්‌ටියෙන්. මේවාගේ විපත් අහන්න දකින්න ලැබෙන්න එපා. එයාගේ ජීවිතේ හොඳම කාලේ හොඳම දවසේ එයා අපෙන් සමුගත්තා. මනුස්‌සයෝ හැටියට මේ දුක අපිට උහුලන්න බැහැ."

ඉතා විසිතුරු අයුරින් මංගලෝත්සවය සමරන්නට කටයුතු කර තිබූ ඉසුරු ඊයේ (09) සිය මනාලියගේත් ඥාති හිතමිත්‍රාදීන්ගේත් සෝ සුසුම් මැද තලහින්න පොදු සුසාන භූමියේ පස අතර සැඟවුණා.

ඉසුරු මියයාමට පැය දෙකකට පමණ පෙර ලබා ගත් ඡායාරූපයක්‌ සහ අනෙකුත් ඡායාරූප පහතින් > > > 

Ibbagamuwa

14595628_1157042864382533_1290753497332439507_n

14492507_557466551103395_5670132995190746562_n

10959460_358828090967243_6773789360887087987_n

13442369_518469455003105_4980253680676751333_n

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 October 2016 11:00