May 18, 2024

ජයලලිතාට දින 16කින් සිහිය ඇවිත් නෑ

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහල් ගතකර අදට දින 16ක් ගතවී ඇතත් තවදුරටත් ඇය සිහිසුන්වම සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා ඒ බව පවසා ඇත්තේ රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින්.

ඇය රෝහල්ගත කිරීමෙන් පසු ඇය මියගිය බවට අවස්ථා කිහිපයකදීම කටකතා පැතිරුණු අතර මෙරට තුළ ද ඇය මියගිය බවට වූ තොරතුරු සමාජ ජාල ඔස්සේ හුවමාරු වූයේ මෙරට දේශපාලනය කෙරෙහි ද ජයලලිතාගේ බලපෑම නිසාම යි.

ඇගේ රෝගී තත්ත්වය හෝ වත්මන් තත්වය නිසි ආකාරව දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

තව ද ඇගේ ඥාතීන්  රෝගී තත්වය පිළිබදව කිසිවක් ප්‍රකාශ නොකරන බව යි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්ජී රාමචන්ද්‍රන් ද මේ ආකාරයෙන්ම 1984 ඔක්තෝබර් මාසයේ හිටි හැටියේ රෝගාතුර වූ අතර පසුව ඔහුගේ මොළය මිය යාමේ හේතුව මත ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

දින ගණනාවක් සිහිසුන්ව සිටි ඔහු එම රෝහලේදීම මිය ගියා.

හිටපු මහඇමතිවරයාට මෙන්ම එවන් රෝගී තත්ත්වයකට ජයලලිතාත් පත්ව සිටින්නේදැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය ප්‍රශ්ණ කොට සිටිනවා.

 

Rate this item
(0 votes)