May 18, 2024

ලංකාවේ Facebook පුරා ප්‍රසිද්ධ වුණ හෝන් එකෙන් රබන්පද ගහන අපූරු රියදුරා මෙන්න (VIDEO)

මෙරට පුද්ගලික බස්රථ රියදුරන් පිළිබඳව ඇති ආකල්පය හොඳ එකක් නම් නොවෙයි.

මුදල මත තම සේවාව තීරණය කර තිබෙන ඇතැම් බස් රථ රියදුරන් නිසායි සමස්ත පුද්ගලික බස් රථ රියදුරන් පිළිබඳවම මෙවැනි අයහපත් ආකල්පයක් ඇති වී ඇත්තේ.

මාර්ග නීති උල්ලංඝනය කිරීම් නොසැලකිලිමත් රිය ධාවනය වැනි කාරණා නිරන්තරයෙන් පුද්ගලික බස් රථ රියදුරන් අතින් සිදුවෙන බව අප සෑම විටම දකිනවා.

මේ අතර බස් රථය අධික වේගයෙන් පදවන අතරතුරේ දී අමුතුම ක්‍රියාවක නිරතවෙන බස් රථ රියදුරෙක් පිළිබඳ වීඩියෝවක් සමාජ ජාල වෙත නිකුත් වී තිබෙනවා.

මෙම බස් රථ රියදුරා තම බස් රථයේ නලාව නාද කරන්නේ රබන් පදයකට අනුව යි.

අප හැමෝම දන්න "උඩ පලගත්තත් වට්ටක්කා" රබන් පදයේ තාලයට ඔහු නලාව නාද කරන අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.

කෙසේ වෙතත් බස්රථය පැදවීම යනු සෙල්ලමක් නොවන නිසාත් එය මගීන් සිය ගණනකගේ ජීවිත පිළිබඳව තීරනාත්මක සේවාවක් වෙන නිසාත් මෙවන් ක්‍රියාවන් අනුමත කරන්නට නම් අපට නොහැකියි.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(23 votes)