May 18, 2024

සිරුරට අහිතකර රසායනික යොදා එළවළු විකුණන අමනුෂ්‍ය ජාවාරම (VIDEO)

මිනිසා යනු සතුන් අතර මනසින් උසස් සත්ත්වයා බව අප කොතෙකුත් අසා තිබුණත්, මිනිසත්කම ප්‍රශ්ණ කෙරෙන සුළු පුවත් දිනෙන් දිනම ලෝකයේ සිව් දිගින් අපට අසන්නට ලැබෙනවා.

මනුස්සකස මෙතරම්ම පහළට ඇදවැටීමට හේතු වී ඇත්තේ සියළු කාරණාවලටත් වඩා මුදල්වලට ප්‍රමුඛස්ථානය දීම යි.

මුදල් මත දිවෙන සමාජයකටත් වඩා අද සමාජය මුදලට යට වී ඇති බව පැවසුවහොත් එහි වැරැද්දක් නැහැ.

මෙනිසාම කුමන හෝ දෙයක් සිදු කොට සතයක් හෝ වැඩිපුර මුදල් ඉපයීමට යි බොහෝ දෙනා උත්සුක වන්නේ.

තමන්ගේ මුදල්මය වාසිය ගැන පමණක් කල්පනා කරන මෙවැන්නන්, තමන්ගේ එම ක්‍රියාව හරහා තවත් කෙනෙකුට සිදුවන අයහපත ගැන කල්පනා නොකරන තරමට මිනිසත් කමින් පිරිහී සිටිනවා.

ආහාර වෙළඳාමේ දී විශ්වාසය යන සංකල්පය විශේෂයෙන් බලපානවා.

වෙළෙන්දා කෙරෙහි මෙන්ම විකිණීම සඳහා ඇති ආහාර කෙරෙහි විශ්වාසය තහවුරු නොවුනහොත් එම වෙළඳාම සාර්තක වන්නේ නෑ.

එහෙත් පාරිභෝගිකයින් රවටා විශ්වාසය දිනාගන්නා වෙළඳුන් බොහොම යි.

තත්ත්වයෙන් බාල ආහාර, ගුණාත්මක බවින් ඉතා ඉහළ බව පෙන්වමින් විකිණීම බොහෝ විට සිදුකෙරෙනවා.

එළවළු වෙළඳාමේ දී මෙවන් රැවටීම් බහුලව සිදුවන අතර එවැනි ඇතැම් වෙළඳ උපක්‍රම මිනිසුන්ගේ සෞඛ්‍යයට පවා හිතකර වන්නේ නැහැ.

මිනිස් සිරුරට අහිතකර විවිධ වර්ණකාරක සහ රසායනික ද්‍රව්‍ය යොදා සිදුකෙරෙන මෙම ජාවාරම් පිළිබඳ ඉන්දියාවේ සිදුකළ විමර්ශනාත්මක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරයමින් පවතිනවා.

ඉන්දියාවේ පමණක් නොව මෙරට ද මෙවන් ජාවාරම් සිදුවෙන බව ද අප මතක තබාගත යුතු යි.

වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)