May 14, 2024

සිය පහත් ආශාවන්ට තම දියණිය යොදාගන්නට ගිය පියෙකු දැළේ

වයස අවුරුදු 15ක දැරියක් සමග ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවාගන්නට උත්සහ කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ පියා තම ඇඳුම් ඉවත් කිරීම, ඇඳ ඇතිරිලි ඉවත් කිරීම වැනි කටයුතුවලට නිරන්තරයෙන් උත්සාහ කර ඇති අතර එය ඉවසා දරාගැනීමට නොහැකි තැන දැරිය තම කිරිඅම්මාගේ නිවසෙහි පදිංචි වී ඇති බව යි වාර්තා වන්නේ. 

මෙම දැරියගේ මව දිගු කලක්‌ තිස්සේ විදෙස්ගතව සිටින අතර දැරියගේ පියා ඇයට අනිසි යෝජනා සිදු කර ඇත්තේ ඒ අතරේ යි.

සිය කිරිඅම්මාගේ නිවසෙහි පදිංචියට ගිය පසු එම නිවසට යාබද නිවසක තරුණයෙකු මෙම දැරිය සමග පෙම් සබඳතාවක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර එම තරුණයා දැරිය තම නිවසට රැගෙන ගොස් ලිංගික ක්‍රියාවන්හි යොදවාගෙන ඇති බව ද හෙළිව තිබෙනවා.

මෙම බාලවයස්කාර දැරිය සමග කාලයක සිට ලිංගික සබඳතා පැවැත්වූ එම තරුණයා 21 හැවිරිදිවන අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

අධිකරණයට ඉදිරිපත් කළ එම තරුණයා සහ දැරියගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Rate this item
(3 votes)