April 26, 2024

‘කෝච්චිය එනවා දැකලා එයා ඉක්මනට දුවගෙන ආවා‘- දුම්රියට අනතුර බලා සිටි මිතුරිය කියයි (VIDEO)

හික්කඩුව - තොටගමුව දුම්රිය පාලමෙන් ගමන් කරමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යාවක ඊයේ (11) දුම්රියේ හැපී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

දුම්රිය මාර්ගය දිගේ පැමිණි 14 හැවිරිදි දැරියක් පාලම මතින් ගමන් කරමින් සිටියදී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී මියගොස් තිබිණි. 

දිනූෂිකා තත්සරණි නම් ඇය හික්කඩුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවියක වූ අතර හික්කඩුව - කලූපේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. 

සිය යෙහෙළියක් සමඟ උපකාරක පන්තියකට යමින් සිටියදී ඇය මෙම  අනතුරට මුහුණ දී තිබිණි. වේගයෙන් පැමිණි දුම්රිය දුටු දැරිය දුම්රිය මාර්ගය හරහා ඇද වැටී ඇති අතර, යෙහෙළිය ඇය බේරා ගැනීමට උත්සාහ දරා තිබුණත් එය අසාර්ථක වී ඇත්තේ දැරියගේ පය සිල්පර කොටන් අතර සිරවීම හේතුවෙන් බව වාර්තාවේ.

ඇයගේ යෙහෙළිය මෙම සිදුවීම සියැසින් දැක ඇති අතර එම මොහොතේ සිදුවූ දෙය පිළිබඳ ඇය මෙලෙස විස්තර කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(7 votes)
Last modified on Sunday, 12 April 2015 00:17