April 27, 2024

ලස්සන කළ කොළඹ අවලස්සන වෙයි ? (PHOTO)

පසුගිය රජය සමයේ නගර අලංකරණය සඳහා සිදුකරන ලද ඇතැම් ඉදිකිරීම් නිසි පරිදි නඩත්තු නොවීමත් සමග කැළිකසලවලින් පිරී ඇති බව දක්නට ලැබේ.
 
කොළඹ සහ අවට ප්‍රදේශවල ඇවිදින මංතීරු බොහෝමයක පිරිසිදු කිරීම් නිසිලෙස සිදුනොවන බවත් ඇතැම් ඇවිදින මංතීරුවල දෙපස සවිකර ඇති විදුලි බුබුළු ද කැඩී ගොස් ඇති බවත් මහජනතාව පවසයි.
 
කෙසේ නමුත් බිඳි ගොස් ඇති විදුලි බුබුළු සම්බන්ධයෙන් තමන් වහාම සොයා බලන බවත් අවශ්‍ය පිරිසිදු කිරීම් සඳහා පිරිස් යොදවන බවත් ජල සම්පාදන හා ජලාපවාහන සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසා තිබේ.
 
Rate this item
(0 votes)