April 26, 2024

'රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නම් මැදිහත් වෙනවා' - තනතුර ගැන ෆොන්සේකා හෙළි කරයි (VIDEO)

ඉදිරියට නිල ඇඳුමේ ගෞරවය රැකගෙන රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්  නම් ඊට අනිවාර්යෙන්ම මැදිහත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කැලණිය රජමහා විහාරයේදී මාධ්‍ය අමතමිනි.

“ඉදිරියට මම මගේ නිල ඇඳුමේ ගෞරවය රැකගෙන රටේ ආරක්ෂාව ගැන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මට අහක බලාගෙන ඉන්න බැහැ.ඒකනිසා මම එවැනි අවස්ථාවක අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා. නමුත් ඊට අමතරව මගේ දේශපාලන වැඩවල මම මෙතෙක් කල් ආපු ගමනේ ඉතුරු හරිය මම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ ගමන ඉදිරියට ගෙනි යනවා.“ යැයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ෆීල්ඩ් මාෂල් නිලයට පත්වීමෙන් අනතුරුව ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ (24) සරත් ෆොන්සේකා මහතා කැලණිය රජමහා විහාරයට පැමිණියේ ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2015 17:25