April 26, 2024

චන්ද්‍රිකාගේ රෙදි ගලවනවා කී SB ටත් ඇමතිකමක් (video)

ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක්‌ ඉකුත් 22 වැනිදා පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ. 
 
කැබිනට්‌ ඇමැතිවරුන් එකොළොස්‌ දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් පස්‌ දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරු දස දෙනකු මෙසේ දිවුරුම් දුනි.
 
ඒ අතර එස්.බී දිසානායක මහතාටද ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ කැබිනට් අමාත්‍ය ධූරය හිමිවිය. 
 
එස්.බී දිසානායක අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ වේදිකා වලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දැඩි ලෙස විවේචනය කළ අයෙකු ලෙස ප්‍රකටය. 
 
ඔහු කළ ප්‍රකාශ පහතින් නරඹන්න.
 
Rate this item
(0 votes)