April 26, 2024

කොළඹ වරාය පුරවරයේ 'සුපිරි පහසුකම්' මෙන්න (VIDEO)

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටු වීමට පසුගිව දා රජය තීරණය කළේය.

මීට අදාල කැබිනට් පත්‍රිකාව පසුගිය 04 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත් පසුගිය රජයේ විශාල ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීම් ආරම්භ කළ යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙකක්‌ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය තිබේ.

නමුත් මෙම ව්‍යාපෘතිය පිළිබඳ විවිධ මතවාද ප්‍රකාශ වූ අතර එම ව්‍යාපෘතියේ පහසුකම් පිළිබඳ සොයා බැලීමට අප කටයුත ක‍ළේය.

මෙහි පළමු අදියර යටතේ මුහුදු රළ පහරින් ආරක්‍ෂා කිරීම සඳහා දියකඩනය ඉදිකිරීම, හෙක්‌ටයාර් 233 ක්‌වූ භූමි ප්‍රමාණය ගොඩකිරීම සම්පූර්ණයෙන් නිම කිරීම සහ මුහුද ගොඩකිරීමෙන් ලබාගත් භූමිය සංවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය යන කටයුතු සිදු කිරීමට නියමිතය. මේසඳහා වැය වන මුදල් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර ඇති අතර එම මුදල් ව්‍යාපෘති ආයෝජකයා වන චයිනා කොමියුනිකේෂන්ස්‌ කන්ස්‌ට්‍රක්‌ෂන් සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිතය.

දෙවන අදියර යටතේ කාර්යාල ගොඩනැගිලි, හෝටල්, වාණිජ කටයුතු සඳහා වූ ගොඩනැගිලි සාප්පු සංකීර්ණ සම්මේලන ශාලා සහ නිවාස සංකීර්ණ යනාදිය ඉදිකිරීම සහ වරාය නගරය වාණිජ කටයුතු සඳහා යොදා ගත හැකි ප්‍රදේශයක්‌ බවට පත් කිරීමට අවශ්‍ය අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම සිදුකෙරේ.

එම ව්‍යාපෘතියේ ඉදිකළ පසු දිස්වන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 10:42