April 26, 2024

ත්‍රිරෝද රථයෙන් අවසන් ගමන් ගිය බිළිඳා (video)

ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ රිය අනතුරකින් මාස තුනක් වයසැති බිළිදෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
 
පොළොන්නරුව, වලේකඩේ, ඕනෑගම මාර්ගයේ තිබෙන කාළිංග ඇළට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
 
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ දරුවන් දෙදෙනකු ගමන්කරමින් සිට ඇත.
 
ඔවුන් අතරින් මාස තුනක් වයසැති බිළිඳා මිය ගිය අතර තුවාල ලැබූ දෙදෙනෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
 
එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 14:57