April 27, 2024

අනියම් පෙමක් නිසා ලිංගය තුවාල කරගත් පුද්ගලයෙක්

අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය විවාහක යුවලක් ඇති කරගත් ගැටුමක් දුරදිග යාම හේතුවෙන් පිරිමි පුද්ගලයාගේ ලිංගය කැපීම් තුවාලවලට ලක්වූ පුවතක් වාර්තාවේ.
 
වයස අවුරුදු 38 ක විවාහක දෙදරු පියෙකු හා දෙදරු මවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ.
 
එකී අනියම් සැමියා රාත්‍රී කාලයේ නිරන්තරයෙන් අනියම් බිරිඳගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත් වීමෙන් අනතුරුව අදාළ අනියම් සැමියා අනියම් බිරිඳගේ නිවෙස යාබද තවත් ස්ත්‍රී සැප සොයා යාමට ගොස් අනියම් බිරිඳට හසුව ඇති වූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් මෙලෙස අදාළ පුද්ගලයාගේ ලිංගය කැපීම හේතුවෙන් තුවාල සිදුව රෝහල් ගත කර ඇත.
පසුව අදාළ පුරුෂයා කුලියාපිටිය රෝහලට ඇතුලත් කළ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබමින් සිටී. 
 
පසුව නීති මාර්ගයට නොගොස් කතිකාකොට විසඳා ගැනීමේ එකඟතාව මත පොලිස් රාජකාරි නිමවා ඇත.
 
එම සිද්ධියට මුහුණ පා අත්තේ පුද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන එළුවපොල ප්‍රදේශයේ දෙදරු පියෙක් හා බොහින්ගමුව ප්‍රදේශයේ දෙදරු මවකි.
Rate this item
(0 votes)