April 26, 2024

බිහිසුණු ආර්ජන්ටිනා හෙලිකොප්ටර් අනතුරේ වීඩියෝව මෙන්න (VIDEO)

ආර්ජන්ටිනාවේ ලා රියෝජා ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රංශ ජාතිකයින් අට දෙනෙකු සහ එහි නියමුවන් දෙදෙනා මරුමුවට පත්ව ඇත. 

මෙම සිද්ධියෙන් මරණයට පත්වූවන් අතර ප්‍රංශ ඔලිම්පික් ක්‍රීඩකයන් තිදෙනෙකුද වේ.

අනතුර සිදුව ඇත්තේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙකට ගැටීමෙන් වන අතර ඒවා චිත්‍රපට දර්ශන රූ ගත කරමින් සිටින අවස්ථාවකදී සිදුව ඇති බවත් වාර්තා වේ. හෙළිකොප්ටර් යානා දෙකක එකිනෙක ගැටී ඇත්තේ, අඩි 328ක් ඉහළ අහසේදී ය.

මියගොස් ඇති ක්‍රීඩිකාවන් වනුයේ 2012 දී ඔලිම්පික් පිහිනුම් පදක්කම්ලාභී කැමලි මෆට්, ඔලිම්පික් ඔරු පැදීම් ක්‍රීඩිකා ෆ්ලෝරන්ස් සහ බොක්සිං ක්‍රීඩක ඇලෙක්සිස් වැස්ටයින් යන අයයි.

අනතුරට හේතුව මතෛක් අනාවරණය වී නැතත් බලධාරීන් සැකකරනුයේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බවයි. පිපුරුමක ශබ්දයක් නිකුත්වීම නිසා මෙම යානා දෙක එනිකෙට ගැටෙන්නට ඇතැයි එම ප්‍රාන්ත ආරක්ෂක ‍ලේකම් සිසර් ඇන්ගුලෝ පවසා ඇතත් එය ගුවන් සේවා බලධාරීන් විසින් සනාථ කර නොමැති බවත් වාර්තා සඳහන් කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)