April 27, 2024

වසර 20 ට පසු නිල්ගල වනයේදී දුර්ලභ පක්ෂියා දකී (PHOTOS)

වසර 20 කට පසුව ගල්ඔය ජාතික වන උද්‍යානයේ නිල්ගල වනයේදී ලංකාවේ දුර්ලභ ලෙස සැළකෙන පක්ෂියෙක් කැමරාවට හසු කර ගැනීමට හැකි වී තිබේ.

ඒ අම්පාර මහ රොහලේ වෛද්‍ය අධිකාරී ලංකාතිලක ජයසිංහ මහතාගේ කැමරාවේය.

කහ කකුල් කොල පරෙවියා (yello fooder green pigeon) යන නමින් හඳුන්වන මෙම පක්ෂියා ලංකාවේ දැකිය හැක්කේ පහල ඌව නිල්ගල වනයේදී පමණකි.ඉකුත් පෙබරවාරි 28 දින නිල්ගල මහ දොරොව්ව ප‍්‍රදේශයේදී මෙම පක්ෂියා තම කැමරාවට හසු කර ගැනීමට සමත් වූ බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම පක්ෂියා දැක ගැනීමට විවිධ පරිසරවේදීන් නිල්ගල වනයේ සැරි සැරුවත් මෙතෙක් සක්ෂි සහිතව දැක ගැනීමට ලැබුණු බවට වාර්තා වන්නේද මෙම සිද්ධිය ය.

අම්පාර -  වසන්ත චන්ද්‍රපාල

ඡායාරූප පහළින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 13:54