April 26, 2024

පරාජය කළ නොහැකි අධිෂ්ඨානය (video)

ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ උනන්දුව, උත්සාහය කොපමණ ද යන්නට කදිම උදාහණයක් පසුගිය දා ටෙක්සාස්හි පැවති කාන්තා මැරතන් තරගයක් අතරතුරදී දැකගත හැකි විය.
 
29 හැවිරිදි කෙන්යානු ජාතික තරඟකාරිය ධාවන පථයේ ඇද වැටෙන්නේ, තරගය අවසන් කිරීමට මීටර් 50ක් තිබියදී ය.
 
බිම ඇද වැටීමෙන් පසු හෝ පරාජය භාර නොගත් ඇය දණ ගාගෙන ගොස් තරගය අවසන් කළ අකාරය ඉතාමත් සංවේදී විය.
 
ඇය ඇද වැටීමෙන් පසු ඇයට රෝද පුටුව ක් ලබා දුන්න ද එය ප්‍රතික්ෂේප කළ ඇය දැඩි අධිෂ්ඨානයකින් යුතුව තුන්වැන්නිය ලෙස තරගය අවසන් කළා ය.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 20 February 2015 11:00