April 27, 2024

මගේ මළගමට සරසවි සිසුන් එපා - මියගිය සිසුවියගේ ලිපිය

February 18, 2015
සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් වන එස්.එස්. අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය නවක වදය ඉවසාගත නොහැකිව  පන්නිපිටියේ පිහිටි සිය නිවසේ දී පසුගිය දා ගෙල වැලලාගෙන මියගොස් තිබේ. 
 
ඇය ගෙල වැලලා ගැනීමට පෙර ලිපියක් ලියා ඇති අතර එහි සඳහන් වන්නේ "මගේ මරණය වු පසුව අවසන් කටයුතු සරලව මාගේ ආදර මා ඉගෙනගත් පාසල වන දේවි බාලිකා විදුහල අසල ඇති කොළඔ කනත්තේ ආදාහනය කරන ලෙසත් මගේ අවසන් කටයුතු වලට සබරගමුව විශ්ව විද්‍යලයේ කිසිම සිසු සිසුවියකට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙසත් මට යම් දේපලක් ඇත්නම් එම දේපල මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට යම් උපකාරයක් වන ආකාරයට ලබා දෙන ලෙසත්ය"
 
පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිටි ඇය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්ව විද්‍යාලයට තේරී පත්ව ඇත. 
 
නවක වදය ඉවසාගත නොහැකිව ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණි පසු නැවත විශ්ව විද්‍යාලයට ගොස් නැත්තේ දැඩි මානසික පීඩාව හේතුවෙනි. 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 February 2015 10:50