April 26, 2024

ISIS සටන්කාමීන් තවත් 21 දෙනෙක් ඝාතනය කරයි (VIDEO)

ISIS සටන්කාමීන් ලිබියාවේ දී පැහැරගනු ලැබූ ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙළ කපා ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

ඊජිප්තුවේ ක්‍රිස්තියානි භක්තිකයින් පිරිසක් එලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එලෙස ඝාතනය කිරීමට හේතුව ඔවුන් කිතුණු බැතිමතුන්වීම බව ද අදාළ වීඩියෝ පටයෙන් හෙළි කෙරෙන බව වාර්තා වෙයි.

එලෙස ඝාතනය කෙරුණු ඊජිප්තු ජාතිකයින් පසුගිය දෙසැම්බර් හා ජනවාරි කාල සීමාව තුළ පැහැරගැනීමට ලක් වූයේ ලිබියාවේ මුහුදුබඩ නගරයක් වන සර්ට්හි දී ය.

මේ අතර අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට ලොව අන් රටවල් සමග එක්ව ක්‍රියාකරන බව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි පැවසී ය. මෙම ඝාතන හෙළා දුටු ඊජිප්තුව මේ හේතුවෙන් සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

ලිබියාවේ පාලකයා වූ කර්නල් මුවම්මර් ගඩාෆි 2011 වසරේ දී බලයෙන් පහ කිරීමෙන් අනතුරුව එරට දැඩි දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් පවතී.

මේ හේතුවෙන් අයිඑස් සටන්කාමීන් ඇතුළු සටන්කාමී කණ්ඩායම් රැසක් ලිබියාවේ පාලනය සිය ග්‍රහණයට ගැනීමට තැත් කරයි.

මේ අතර පසුගිය දා ඊජිප්තු ජනාධිපතිවරයා එරට වැසියන්ට ලිබියාවට යාම තහනම් කළේ ය.

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 15:38