June 29, 2024

08 වෙනිදායින් පස්සෙත් ජනාධිපති මම තමයි (Video)

කවුරුන් කුමන ගිවිසුම් අත්සන් කළත් රටට ආදරය කරන සහෝදර දේශපාලන පක්ෂ සමග අත්වැල් බැඳ ගනිමින් ජනතාව වෙනුවෙන් ඉදිරියට යාමට සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් ක‍ළේ, අද පැවැති ඇඹිලිපිටිය මහජන පොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

“අට වෙනිදායින් පස්සෙත් ජනාධිපති මම තමයි. එතකොට මට තියෙන්නේ ඒ වගකීම මට ඒකපාර්ශවික ගිවිසුම් අත්සන් කරන්න ඕන නෑ. එක් එක්කෙනාට එක එක විදියට ටීඑන්ඒ එකත් එක්ක යූඑන්පීය අත්සන් කරනවා. යූඑන්පී එකක් එක්ක අනිත් එක්කෙනා අත්සන් කරනවා. තව එක්කෙනාත් එක්ක හෙළ උරුමය අත්සන් කරනවා. තව එක්කෙනෙක් තව එක්කෙනෙක් එක්ක අත්සන් කරනවා ඔක්කෝම අන්තිමට වැල වගේ තියෙනවා.“ යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර ඇඹිලිපිටිය නව නගරයේ ඉදිකළ ළමා උද්‍යානයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.

එහිදී රැස්ව සිටි පිරිස සමග සුහඳ පිළිසඳරක නිරතවීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 December 2014 15:27