July 01, 2024

මංගල සිංගප්පූරුවේ විශේෂ සාකච්ඡාවක - ලංකාවට එන්නේ 13 වැනිදා 

November 10, 2014

දිවයිනෙන් දැනට බැහැරව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා යළිත් ලබන 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමි‍ණීමට නියමිතව බව වාර්තා වේ.

පසුගිය 05 වැනිදා සිංගප්පූරුව බලා පිටත් වූ මංගල සමරවීර මහතා අද (10) දිනයේදීත්  සිංගප්පූරුවේ රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඔහු ඉතා කෙටි සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බවත් එහෙත් එය අද සවස්වරුවේ දී සිංගප්පූරුවේ දී පැවැත්වෙන විශේෂ දේශපාලන සාකච්ඡා කීපයකින් පසු තීරණය වනු ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ද අද(10) දහවල් කාලයේ දී දින දෙකක කාලයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. සරත් ෆොන්සේකා මහතා සිංගප්පූරුව බලා පිටත්වයන්නේ ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බවද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 November 2014 11:40