July 01, 2024

ආත්මගරුත්වයක් තියෙන නිසා ආණ්ඩුවේ ඉන්න බෑ - ගම්මන්පිල (video)

සිය පක්ෂය ඉදිරිපත් කළ සංශෝධන ක්‍රියාත්මක තලයට නොපැමිණෙන්නේ නම් තව දුරටත් සන්ධානය තුළ නොසිටින බව ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම්, බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.  

ඔහු මේ බව පැවසූවේ සමාජීය හා සාමයික කේන්ද්‍රෙය්දී පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද? විධායක ජනාධිපති ද? යන මැයෙන් වූ දේශපාලන සම්මන්ත්‍රණ අමතමිනි.

“රජ කඩුවට කැපෙයි කියන බයට හැබැයි ඒ දේශපාලන අවදානම අරන් ඔන්න අපි මේක ජනගත කරලා තියෙනවා. ආත්මගෞරුත්වයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් විදියට, මේ සංශෝධන වෙන්නේ නැත්නම්, තවදුරටත් මේ සන්ධානය තුළ අපිට ඉන්න බෑ කියන ප්‍රකාශය අපි දැනටමත් කරලා තියෙනවා. ආණ්ඩුව දැන් අවුරුදු 5 කට ආසන්න කාලයක් මේ තුනෙන් දෙකේ බලය තිබුණත්, ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට මිස රටේ අවශ්‍යතාව වෙනුවෙන් මේ තුනෙන් දෙක පාවිච්චි කරලා නැහැ“ යැයි උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

ජාතික හෙළ උරුමය සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  මහතා ද සම්මන්ත්‍රණය අමතමින් අදහස් පළ කළහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 November 2014 10:56