July 01, 2024

'තෙවැනි අපේක්ෂකයෙකු සහය දෙන්න අපි සූදානම්' - සුසිල්

ඉදිරි ජනාධිපතිවරණය නීති විරෝධි බැවින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එය වර්ජනය කරන බවත් සිය පක්ෂය තුන්වැනි අපේක්ෂකයෙකුට සහාය දීමට හැකිද යන්න සොයා බලන බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ කොළොන්නාව ආසන සංවිධායක සුසිල් කි‍ඳෙල්පිටිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඒෂියන් මිරර් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඌවේ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසනයක්වත් දිනා ගන්න බැරි වුණේ පක්ෂය පසුබෑමකට ලක් වුණ නිසාද ?

ඌව පළාතේ මං සෑම තැනකම ගියා. ඌවේ සමහර තැන්වල තිබුණ ප්‍රතිචාර අනුව ඡන්ද 50,000 - 60,000ක් තියෙන්න ඕන. ඒ පිළිබඳ සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා. ඌවේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණ ඡන්ද ප්‍රමාණය පසුබෑමක් ලෙස සලකන්න බෑ. මීට පෙර පැවති දකුණු පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොටදී ලොකු පීඩනයක් තිබුණ. මේ වන කොට ආසන 17ක් පක්ෂයට තියෙනවා. වසර ගණනාවකට පෙර පටන් ගත්ත පක්ෂ අපේ පක්ෂයේ අහලකටවත් ඇවිත් නෑ. ඌවේ මිනිස්සු 6000ක් පක්ෂයට ඡන්දෙ දුන්නා. මේ මැතිවරණය බලය, සල්ලි දීලා කරපු එකක්.

ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව රජය කියනවා. ජනාධිපතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මොකද වෙන්නේ?

මේ ජනාධිපතිවරණය නීති විරෝධි එකක්. ඒ නිසා ජෙනරාල් ඇතුළු පක්ෂය තීරණය කළේ ජනාධිපතිවරණය වර්ජනය කරන්න. පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ඒ වෙනකොට තියෙන පරිසරය බලලා. සමහර විට තුන්වැනි අපේක්ෂකයෙකුට සහය දෙන්න පුළුවන්.

ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයක් එන බවට දැනටමත් ආණ්ඩුව ඉඟි පළ කරලා. මහ මැතිවරණයත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වර්ජනය කරයිද?

මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ජය - පරාජය පිළිගන්න පුළුවන් කම පෙනරාල් ඇතුළු පක්ෂයට තියෙනවා.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 October 2014 12:56