July 01, 2024

'වළෙන් ගොඩ එන්න අපි කාටවත් උදව් කරන්නේ නෑ' - ටිල්වින්   

ජනාධිපතිවරණය පිළිබඳ ආණ්ඩුව හෝ විපක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවත් ජනාධිපතිවරණය පිළිබඳ කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඒෂියන් මිරර් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද, නැත්නම් පොදු අපේක්ෂකයෙකුට සහාය දෙනවාද?

ජනාධිපතිවරණය පිළිබඳ තවම තීරණයක් අරගෙන නෑ. මේ ජනපතිවරණය ව්‍යවස්ථා උල්ලංඝණය කළ නීති විරෝධි ජනාධිපතිවරණයක්. ඒ නිසා ‘ජනපතිට තුන් වරක් බෑ.‘ කියලා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා. 

ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ සහය ගන්න රජයේ ප්‍රබලයින් සාකච්ඡා කරන බවට තොරතුරු වාර්තා වෙනවා. මෙවර කාටද සහය දෙන්නේ?

ආණ්ඩුවේ කා සමඟ හෝ සාකච්ඡා කරලා නෑ. කිසිසේත් සාකච්ඡා කරන්න දෙයක් නෑ. ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් වළට වැටිලා ඉන්නේ. වළෙන් ගොඩ එන්න ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරනවා. අපි මෙවර ඒ කිසිදේකට උදව් කරන්නේ නෑ. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ වමේ පක්ෂ එකතුවී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ සමග ද සාකච්ඡා කිරීමට සූදානම් කියලා. ඒ පිළිබඳ යෝජනාවක් ඇවිල්ලා තියෙනවද?

එම පක්ෂ බෝඩ් ලෑලිවලට සීමා වුණ ඒවායි. ඒවා එක්ක කතා කරලා වැඩක් නෑ.

  

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 October 2014 13:43