May 20, 2024

“පුළුවන් නම් නඩු දාන්න“ - ෆොන්සේකාගේ කතාවට චරිත හේරත්ගෙන් සැර කතාවක්

මේ කාලය තුළ ලංකාවට විදෙස් රටවලින් එක් එක් ආකාරයේ ආධාර ලබා දීමට එකඟතා දී ඇති බවත් නමුත් එම එකඟතා බිම් මට්මට ගොස් ක්‍රියාත්මක වීමටක් දක්නට නැති බවත් මහාචාර්ය චරිත හේරත් මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

රුපියල් බිලියන 400ක් රජයට ආධාර වශයනේ ලැබී ඇති බවට හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය ගැන ඒෂියන් මිරර් ඩිජිටල් කතිකාවේදී කළ ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු දෙමිනි.

ඒ අනුව එම ආධාර හෝ එකඟතා මුදල් බවට පත් වී නොමැති බවත් සරත් ෆොන්සේකා මහතාට රජයට සම්බන්ධ දේවල් නොතේරෙන නිසා එවැන් ප්‍රකාශ සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

කිසිදු පුද්ගලයෙකු කියන ඩොලර් බිලියන ගණන් කාටවත් ලබා දී නොමැති බවත් එම ප්‍රකාශ ඉතා කණගාටු දායක තත්වයක් බවත් මහාචාර්යවරයා පැවසී ය.

බිලියන 400ක් ලංකාවට ඇවිත් තිබේනම් ඊට විරුද්ධව නඩුවක් ගොනු කරන ලෙස තමා ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහුගේ ප්‍රකාශ ප්‍රාථමික නොතේරෙන කතා බවත් තමන්ට නොතේරෙන විෂයන් ගිරව් වගේ කියන එක මෙවැනි උවදුරක් තිබෙන අවස්ථාවක ඉතාම කණගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)