May 20, 2024

මහින්දට ගයන්තට වාහන ගන්න රු. කෝටි 8.2 - මහින්දට දැනටත් වාහන 08ක්

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට වාහන ලබාගැනීමත් රුපියල් ලක්ෂ 400ක් හා රුපියල් ලක්ෂ 429ක් ලෙසත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට ලක්ෂ 199ක් ලබාගැනීමට අදාළව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් ගයන්ත කරුණාතිලක මහතාද සඳහන් කළේ තමන්ට නව වාහනයක් අවශ්‍ය නොවන බවයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයෙන් විමසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට වාහනයක් ලබාදීමට විරුද්ධනම් නැගිටින ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන් විපක්ෂනායක ලෙස පත්වීමට පෙරාතුව කටයුතු කළ විපක්ෂනායකවරයා වාහන රැගෙන ගිය බවත් ඉන් අනතුරුව ගත් වාහනයකට මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවයි.

එසේම ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීමට පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාට ආරක්ෂක රථ ඇතුළුව වාහන 08ක් භාවිතා කරන බව වාර්තා වේ. ඒ අනුව A 232832 (වෙඩි නොවදින වාහන), Benz, A 233246 (වෙඩි නොවදින වාහන) Benz A, 233364 Dmy Benz, KX-2389 Defender, KX-2431 Defender, KX-5292 Land Cruiser, PF-7307 Cab, CAD-0223 B/P යන සු‍ඛෝපභෝගී වාහන මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස භාවිත කරන අතරතුර රුපියල් ලක්ෂ 400ක් වැය කරමින් තවත් සු‍ඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට රජය විසින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණි.

එම එක් වාහනයක වටිනාකම කෝටි 20කට වඩා වැඩි බව වාර්තා වේ.

 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 June 2019 16:02