May 20, 2024

“මන්ත්‍රීවරු පත් කිරීමට ඡන්ද අනවශ්‍යයි. උපවාසයෙන් ජනතා නියෝජිතයින් තෝරගන්න” - අසාද් සාලි, හිස්බුල්ලා ශ්‍රීලනිප මන්ත්‍රීගෙන් අසයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි එම ධූරවලින් ඉවත් කරන ලෙස කරනු ලබන දැඩි ඉල්ලීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකු අදාල ආණ්ඩුකාරවරුන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ(02) රාත්‍රී සහ අද(03) උදෑසන පවත්වා තිබිණි.

එම සාකච්ඡාවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, එජනිස මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා, ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, පාරිලිනේතු මලිත් ජයතිලක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

එහිදී අදාල ආණ්ඩුකාරවරුන් දෙදෙනා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ උද්ඝෝෂණයක්, උපවාසයක් කළ පමණින් රටේ තනතුරුවලට හා මන්ත්‍රීධූරවලට පත් කළ පුද්ගලයින් ඉවත් කිරීමට ගියහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කුමක් සිදුවිය හැකිය යන්නයි.

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් සහ අසාද් සාලි ආණ්ඩුකාවරුන් සිය තනතුරු වලින් ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් රටතුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් සිය තනතුරුවලින් ඉවත්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළ හැකි බවත් එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම ඉල්ලා සිටියේ රටතුල ඇතිව තිබෙන ව්‍යාකූල තත්වය තේරුම් ගෙන ජනවර්ගය අතර සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් එම ධූර වලින් ඉල්ලා අස්වෙන ලෙසයි.

එහිදී පෙරලා ආණ්ඩුකාරවරුන් ප්‍රශ්න කර තිබෙන්නේ මාරාන්තික උපවාසයේ යෙදෙන එක්සත් ජාතින පක්ෂ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නියෝජනය කරන එජාපයද මෙවැනි කිසිදු ආකාරයේ යෝජනාවක් හෝ ඉල්ලීමක් තමන් වෙත සිදු නොකල බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙක් තමන් හට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීමක් හෝ යෝජනාවක් සිදු නොකල බවත්ය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පමණක් මෙලෙස ඉල්ලීම් සිදුකරමින් බලපෑම් කිරීමට ඇති අවශ්‍යතාවය ගැන කුමක්ද යන්න එහිදී ආණ්ඩුකාරවරුන් ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත් රතන හිමිට බියවී ඉල්ලා අස්නොවන බවත් මෙලෙස ඉල්ලා අස්වීම සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයට වැරදි පූරවාදර්ශයක් නිසා ඉල්ලා අස්නොවන බවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා එහිදී දැඩිව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙත්ත් ශ්‍රීලනිප කළ බැගෑපත් ඉල්ලීම මත ආණ්ඩුකාරවරුන් සිය තනතුරු ඉල්ලා අස්වී තිබේ.

පසුව ප්‍රථමයෙන්ම අසාද් සාලි මහතා ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වීමත් රැගෙන අද(03) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙන අතර පසුව හිස්බුල්ලාහ් මහතාද ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වීම බාර දී තිබේ.

Rate this item
(4 votes)