May 20, 2024

“ෆේස්බුක් නිසා කොන්දක් නැති චන්ඩි බිහිවෙලා” - දීප්ති කුමාර මාධ්‍යයට දෙහි කපයි (VIDEO)

මාධ්‍ය යනු අද නොම්මර එකේ බිස්නස් එකක් බවත් ෆේස්බුක් නිසා වුණේ මහජන අවකාශයට පැමිණ දේශපාලනය කිරීමට කොන්දක් නැති විශාල පිරිසක් චන්ඩි ලෙස හැසිරෙන බවත් දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසයි.

මිනිසුන්ගේ ඔළු සෝදා තමන්ට ඕන ආකාරයට මත හැදීමට එම චන්ඩි භාවිතා කරන බවද පසුගියදා රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රීලනිපය දෙකඩ කැඩීමට රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය මෙහෙයවන බවත් නිව්යෝක් ටයිම්ස් එක්ක සැසදීමේදී සන්ඩේ ටයිම්ස් මසාලා ටයිම්ස් වගේ බවත් දීප්ති කුමාර ගුණරත්න මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 May 2019 12:53