May 04, 2024

තවත් රාජපක්ෂවරු දෙදෙනෙකු ලඟදීම අත්අඩංගුවට? (VIDEO) 

ඉදිරියේදී තවත් රාජපක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (13) දිනයේත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නඩුකාරතුමිය පොලීසියෙන් ඇසූ ප්‍රශ්ණවලට පොලීසියට පිළිතුරු ලබාදීමටද නොහැකි වූ බවත් නමුත් තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය බව පොලීසිය අධිකරණයට දැන්වූ බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේය.

 

Rate this item
(2 votes)
Last modified on Friday, 15 July 2016 10:31