June 17, 2024

ජාතික ආණ්ඩුව ගැන සාකච්ඡා සාර්ථකයි - එජාපයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සාදන ජාතික ආණ්ඩුව පිළිබඳ එකතාවකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කොට තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසූ ඒ මහතා කියා ඇත්තේ ඉතා සුහද ලෙස, ගැඹුරු ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රීලනිපය සමඟ එකඟත්වයකට පැමිණි බව යි.

එහි දී දෙපාර්ශවයටම කැප කිරීම් කරන්නට සිදු වූ බව පවසා ඇති ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළ බව සිහිපත් කරන අතර ඇමති තනතුරු සහ වරප්‍රසාදවලට නොව මාතෘ භූමිය යළි ඉහළට ඔසවා තැබීමේ ව්‍යායාමට මුල් තැන ලබාදුන් බව ද පවසා ඇත.

එම විශේෂ නිවේදනය පහතින් කියවන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 August 2015 09:53