June 26, 2024

ෆේස්බුක් වෙත මැ.කො.ගෙන් විශේෂ ඉල්ලීමක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු හෙට (14) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත යි.

ඉන් පසුව එළැඹෙන තෙදින තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටිය යුතු හෙයින් මැතිවරණයට අදාළ පැමිණිලි හා සිද්ධි පිළිබඳ තමන් වෙත හෝ පොලිස් / සිවිල් නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම හැර, ෆේස්බුක් සමාජජාලය හරහා කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කාර්යයන් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස ඉතා ඕනෑකමින් සහ කරුණාවෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇත.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව හරහා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අප සමග පැවසූවේ ෆේස්බුක් වැනි සමාජජාලයක් හරහා සිදුකෙරෙන දෑ නීතියක් මඟින් නැවැත්විය නොහැකි බැවින් මෙය සියළු දෙනාට කෙරෙන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරන බව යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 August 2015 22:06