July 01, 2024

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මතයි

November 01, 2014

2015 අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 100 කින් සම්මත විය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විපක්ෂව ඡන්ද 57ක් ලබා ගනිමින් වැඩි ඡන්දයෙන් සම්මත වි ඇත. 

{module LOLC}

ජාතික හෙළ උරුමය ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු සබාගැබේ නොසිට ඇති බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතාද අයවැය ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගැබේ රැදී නොසිටි බව වාර්තා වෙයි.

පසුගිය 24 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පනත් විසර්ජන කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය 25 වැනි දා ආරම්භ විය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 03 November 2014 12:35