May 18, 2024

ප්‍රභූ පුතෙකුගේ විදෙස් ගිණුම් අත්හිටුවයි - නාමල් කතා කරයි

ශී‍්‍ර ලංකා රජයෙන් කෙරුණු ඉල්ලීමකට අනුව ඩුබායි අධිකරණය විසින් ශී‍්‍ර ලාංකික දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුතෙකු සතු එරට බැංකුවක ගිණුමක් අත්හිටුවීමට ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ.

මෙම ගිණුමෙහි අමෙරිකානු ඩොලර් මිලියන 650 ක පමණ මුදලක් අඩංගු බවයි පැවසෙන්නේ.

මේ අතර බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විදෙස් රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තමන්ට සහ තම පවුලට අපහාස කිරීමේ උත්සාහයක ඇතැම් අය යෙදී සිටින බවයි.
 
තමන්ට හෝ තම සහෝදරයෙකුට අයත් කිසිදු විදේශීය ගිණුමක් නොමැති බව ද පවසා ඇති ඒ මහතා හෙලිකොප්ටර්, ලැම්බෝගිනි වාහන සහ මිල අධික අශ්වයන් තමන් සතුව සිටි බවටද ඉකුත් සමයේ විවිධ ප‍්‍රචාර පතුරුවා හැරුණු බව ද සිහිපත් කර තිබේ.

එම ප‍්‍රචාරද අසත්‍ය බව දැන් තහවුරු වෙමින් ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2015 01:45