April 26, 2024

නීතිය හා සාමය අගමැති යටතට! නවතම ඇමැති මණ්ඩලය මෙන්න

February 25, 2018

කැබිනට් සංශෝධනය මේවන විට ජනාධිපති ලේකම් කාර්යලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

නීතිය හා සාමය අමාත්‍යංශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයා පත් කර තිබේ.

මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මේ අතර මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතායෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා පත් කර තිබේ.

හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

එමෙන්ම අමාත්‍යධූර කිහිපයක වෙනසක් සිදු කිරීමට නියමිතය.

මේ වන විටත් මැති ඇමතිවරුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 February 2018 14:24