April 26, 2024

ඇමැතිනිය නීති විරෝධී වැඩක: ඇමැතිනියගේ ලිස්‌ට්‌ එකෙන් ළමාරක්‍ෂක පත්වීම් දෙන්න යයි

December 11, 2017

ජාතික ළමා රක්‌ෂක අධිකාරියේ ප්‍රාදේශිය ළමාරක්‌ෂක නිලධාරී පුරප්පාඩු සඳහා නියමිත ක්‍රමවේදයට තෝරාගත් පිරිස අතරට ඇමැතිනිය ලිස්‌ට්‌ එකකින් 65 ක්‌ බඳවා ගැනීමට කටයුතු කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

පුවත්පත් දැන්වීම් පළකර නියමිත ආකාරයට බඳවා ගත් 110දෙනා අතරට ඇමැතිනියගේ ලේඛනයෙන් 65ක්‌ බඳවාගැනීමට කටයුතු කළහොත් තෝරාගත් 65 දෙනකුට පත්වීම් අහිමිවන බවද ඔහු ජාතික පුවත්පතකට කළ ප්‍රකාශයක් මගින් සඳහන් කර තිබේ.

අද අනුමැතිය ගැනීමේ සූදානමක්‌

ප්‍රාදේශීය ළමාරක්‌ෂක නිලධාරීන් පුරප්පාඩු තනතුරු 110ක් සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසු ඒ සඳහා උපාධිධාරීන් 1700 ක පමණ පිරිසක්‌ අයදුම්කර තිබූ බවද පෙන්වා දුන් ඒ මහතා එම පිරිස අතරින් 890 ක්‌ සම්මුඛ පරීක්‌ෂණයට කැඳවා 110 ක්‌ තෝරාගෙන සිටියදී එම පිරිස අතරට ඇමැතිවරිය 65 ක නම් ලැයිස්‌තුවක්‌ ඇතුළත් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

අද (11) ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය කැඳවා මෙම 65 සඳහා අනුමැතිය ලබාගැනීමේ සූදානමක්‌ පවතින බවත් එවැනි නීති විරෝධී කටයුත්තක්‌ සිදුකරනු ලැබූවහොත් එයට එරෙහිව අධිකරණයට යන බවත් සමරසිංහ මහතා අවධාරණය කර තිබේ.

ඇමැතිවරිය විසින් ඇතුළත් කිරීමට උත්සාහ කරන නාම ලේඛනයේ තොරතුරු දූෂණ විරෝධී හඬ සංවිධානයට ලැබී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 December 2017 10:03