April 26, 2024

රාජිතගේ නියෝගයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් ඉවතට

February 28, 2017

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහිදී මෙම නියෝගය ලබා දී තිබේ.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලැබෙන බවට නැගෙන චෝදනා මත එම අදාල වෛද්‍යවරයාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස මීට පෙර නියෝග කර තිබේ.

එම ස්ථාන මාරුවීම ලබා දී ඇතත්, අදාල වෛද්‍යවරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී කරුණු අනාවරණය විය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල තීරණය ගත් අතර, බන්ධනාගාර රෝහලට වෙනත් වෛද්‍යවරුන් යොමු කරන ලෙස ද නියෝග කර ඇත.

ස්ථාන මාරුවීම් ලබා දී එය සැළකිල්ලට නොගත් වෛද්‍යවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 March 2017 12:37