January 22, 2020

අසීමාන්තික බලයක් ලබා නොදී ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන ආණ්ඩුවක් පවත්වාගෙන යන අතර ශක්තිමත් විපක්ෂයනක්ද නිර්මාණය විය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මතභේදාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඒ මහතා කියා සිටියේ අදාළ දුරකථන සංවාද සාමාන්‍ය ජන මාධ්‍යවලට සංසරණය වුයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවයි.

එසේම විමර්ශනය සිදුකරන නිලධාරීන් සහ විනිසුරුවරුන් සමඟ දුරකතන සබඳතා පැවැත්වීම සදාචාරත්මක නොවන බව ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එසේම අදාළ දුරකථන ඇමතුම්වලින් අධිකරණ තීන්දුවලට බලපෑම් කරන බවක් දක්නට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට දේශපාලන වශයෙන් හීලෑ නොවන විපක්ෂයේ දේශපාලනඥයින් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙරට අධිකරණය තම රජය තුළින් ස්වාධීන කළ බවයි.

එමෙන්ම පොලිස් සේවය ද ස්වාධීන කළ බව පැවසු මන්ත්‍රිවරයා අද දවසේ යුක්තිය හඹා නොගොස් පුද්ගලයින් හඹා යෑමක් සිදුවන බවත් පැවසීය.

පසුගිය කාලයේ මේ රටේ විසඳනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීම සඳහා එම විමර්ශනවල නියැලී සිටි පුද්ගලයින් පසුපස පවා හඹා යන ආකාරය දක්නට ලැබෙන බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

අර්ජුන් මහේන්ද්‍රන් වැනි අය පැය 24 න් අල්ලන බව මැතිවරණ කාලයේ වත්මන් රජය විසින් පැවසු බව අද මතකයට නැගෙන බවත් පැවසු ඒ මහතා, අද වන විට එවැනි දේ නොව තමන්ට දේශපාලනික වශයෙන් හිලෑ කර ගැනීමට අපහසු පිරිස් මර්දනය කිරීම බවත් පැවසීය.

රංජන් රාමනායක මහතාගේ සිදුවීම තුළින් ඒ බව පෙනී යන බවත් පැවසු මන්ත්‍රීවරයා, ඉදිරියේ දීත් මෙවැනි දේ සිදුවනු ඇති බවත් කියා සිටියේය.

නමුත් “මර්දනයෙන් අපේ ගමන නවත්වන්න බෑ“ යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා යුක්තිය ඉටු වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැවසීය.

කෙසේ නමුත් ස්වාධීන කරනු ලැබු ආයතනවල අකර්මන්‍යභාවයක් ඇති වීම ගැන කණගාටුවට පත්වෙන බවත් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර නැමැත්තාය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී පාඨලී චම්පික රණවක මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහිදී අධිකරණය නියෝග කළේ, ඔහුට සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ය.

එසේම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද අධිකරණය පාඨලී චම්පික රණවක මහතාට දන්වා සිටියේය.

බත්තරමුල්ලේ නිවසේ සිටියදී පසුගිය 18 වැනිදා පස්වරුවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

2016 පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සළකා බැලු නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

පාඨලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර අපි ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීම වෙනුවෙන් අද (19) අගලවත්තේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ  පැවැති උත්සවයකදී මේ බව කීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ජනාධිපති මැතිවරණයට සූදානම් වන මුල් කාලයේ දී පොඩි පොඩි කතා තිබුණත්,ජනාධිපතිවරණයේ දී මා ජයග්‍රහණය කර වීම සඳහා පාඨලී චම්පික රණවක මහතා හදවතින්ම  කටයුතු කළ බව මා දන්නවා. ඔහු අත්අඩංගුවට ගත් පසු පොලිසියේ මෙන්ම උසාවි සංකීර්ණයේ මම ඊයෙ හිටියා  අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පාඨලී චම්පක මහතා වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීමට අපි සියලු කටයුතු කරනවා. මැතිවරණ සමයේ දී මගේ ප්‍රතිවාදී ප්‍රධාන කණ්ඩායම කිව්වා එම් සීසී ගිවිසුම  රටට බොහොම අහිතකරයි ශ්‍රී මහා බෝධිය  වඳින්නත් අපිට  පිටරටවලින්  ටිකට්පත් ගන්න වෙයි මේක ඉරා දමන්න වුණා  කියලා. මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 69 ක් ඒක හරි කියලා කිව්වා. නමුත් අද සමහරු කියනවා   70% ක් ගිවිසුම හොඳයි ලු. ඒ නරක ගිවිසුම් තියාගන්න හොඳ නෑ ඒවා ඉරලා දාන්න ඕනා .  ඒ නිසා මම ඒ අයට යෝජනා කරනවා ගෝල්ෆේස් පිටියට ගෙනල්ලා ඒ ගිවිසුම අපි දෙගොල්ලොම එක්ක එකතු  වෙලා ඉරලා දාමු කියලා."

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන විත් තිබේ. 

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ රාත්‍රියේ සිය නිවසේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

ඉන් අනතුරුව ඔහු කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි. 

වත්මන් ආණ්ඩුව ලබාගත් ජනවරම පසෙකලා මර්ධනය දොරකොඩට ගෙන එන බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටින බවත් දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය නොමැති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ආණ්ඩුවට අභියෝගයක් වියහැකි දේශපාලන නායකයින් දඩයම් කිරීම අරම්භ කර ඇති බවයි.

“ඔබ සියලු දෙනාම ඉතා හොඳින් දන්නවා මාධ්‍ය වාර්තා කළා මට සහ මාගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවන්න අධිකරණය අවසර ලබාදීල තියෙනව කියල. මීට අදාල සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9.45 ත් 10.00 ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීමක්. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් කරල නඩු අංක 791/ 7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලීසිය විසින් සිදුකළා. එහිදී පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජගිරිය පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කලා ඊට අදාල වාර්තා.

මෙම සිදුවීම් ඒ කාලෙ එක්තරා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් මේ වටා විශාල කතාවක් ගෙතුව. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලෙ තරුණයෙක් යටකොට පළා ගියා කියල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සියලු දෙනාමත් දන්නව. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්ථාවකුත් ගත්ත. ඉන් ඉතාම පැහැදිලි වුණා රථයේ පිටුපස වදින්නෙ.

තුන්වන මංතීරුව පසුකරගෙන සරණ මාවතට හරවල යනකොට වාහනේ පිටුපස්සෙ ඇවිල්ල තමයි මේ අධිවේගී යතුරු පැදිය (1000 cc ට වැඩි)  හැප්පෙන්නෙ. ඒ නිසා කිසියම් ආකාරයකට චේතාන්විතව මෙම වාහනයෙන් යතුරුපැදිකරුවෙක් යටකොට පලාගියේ නැති බව පැහැදිළියි. ඒ බව රස පරීක්ෂක වාර්තාවෙ ඉතාමත්ම පැහැදිළිව සඳහන් වෙනව. මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12.30 ට පමණ රාජගිරිය පොලීසියට මොහොමඩ් උවයිස් සිද්ධික් සහ ගයාශාන් විදුර පැහැදිළිව සාක්ෂි සටහන් දීල තියෙනව. හැබැයි දවස් 06 කට පස්සෙ  මේ සියලු කතා වෙනස් කරල දිව්රුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වෙනව. එහිදී ඔවුන් කියනව මේ රථය පැදෙව්වෙ රියදුරා නෙමෙයි පාඨලී චම්පික රණවක වන මමයි කියල.

ඒ අනුව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් කැඳවා විවිධාකාරයේ නියෝග ලබාදුන්නා.  වත්මන් ආණ්ඩුව බලයට ආවෙ, පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙනව කියල. එහෙම ඇවිත් අවුරුදු 04 කට කලින් සිදුවෙච්ච රිය අනතුරක් පස්සෙ හඹා යාමෙන් සහ ඒ හරහා තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් දේශපාලන නායකයින් දඩයම් කිරීම තමයි ඔවුන්ගේ අදහස, අභිලාෂය හා දුෂ්ඨ අරමුණ. ඒ නිසා අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීමක් කරනව. ඒ වගේම මේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ස්වාදීනව මේ කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂන් සභාවටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනව. මොකද නිදහස් ආකාරයට අපිමයි මේව සටන් කරල ලබාගත්තෙ.

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.

අපි බොහොම පැහැදිළිව කියනව, මේ දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ. ඒ වගේම අධිකරණය තුළ තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණයේදී මුහුණ දෙනවා. දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා. සමාජමය වශයෙන් අපි ඊට මුහුණ දෙනවා. මේ සිදුවීම්වලින් අපි වඩාත් නිර්භය වෙලා, වඩාත් එඩිතර වෙලා, සමඟිසම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ මේ රටේ පොදු ජනතාවගේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් පෙනි ඉන්නවා”

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“2016 පෙබරවාරි 28 දා රාත්‍රී 9.30ට පමණ අපේ අමාත්‍යාංශයේ වාහනයක යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදුවුණා. ඒ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි අපගේ රියදුරා බියට පත්වෙලා ගියා. මේ අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණ කණ්ඩායමක් ඔහු අල්ලාගෙන පහර දෙන්න හදන විට ඔහු බොරැල්ල පොලීසියට ගියා. ඔහු මේක වාර්තා කළා. යතුරු පැදිවලින් පැමිණි අය සාක්ෂි ලබාදී තිබුණා. පදින්න තනම් 1000 සීසී අධිවෙීගී මෝටර් සයිකල් හතරක නැගිලා අධික වේගයෙන් පාර්ලිමේන්තු පිටිටයට ආවා. මේ ගැන උසාවියට කරපු ප්‍රකාශ වල දැක්වී තිබෙනවා. මේ අවස්ථාවේදී අපගේ වාහනය සරණ පාරට හරවන විට එක් යතුරු පැදියක ගැටුණා. ඒ යතුරු පැදිය පදවාගෙන ආපු තරුණයා තමයි තුවාල ලැබුවේ. පසුපස ආපු තරුණයට මොකවත් වුණේ නෑ. ඒ ඇතැම් අය මත්පැන් පානය කරලා හිටපු නිසා පොලීසියට යන්නත් බැරිවුණා. නමුත් පොලීසියට ගිහින් කිව්වා මේ හිටියේ චම්පික රණවක මහතාගේ රියදුරා කියලා. මින් දින 6කට පස්සේ තරුණයන් දෙන්නෙක් සම්බන්ධ කර ගත්තා කූඨ ව්‍යාපාරිකයෙක්. මේ ගැන සම්පූර්ණ දුරකතන දත්ත අපි ළඟ තිබුණා. ඔවුන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළා. අපි පරීක්ෂණවලට ඉඩ දුන්නා. පොලීසිය පරීක්ෂණයක් කළා. විශේෂ විමර්ශනයකුත් කළා. දුරකතන දත්තවලින් ඔප්පු වුණේ මම නිවසේ සිටි බවයි.ඒ දරුවා ගැන මම කනගාටුවෙනවා.”

කොළඹට ඇතුළුවන මාර්ග පහක බස් ප්‍රමුඛතා මංතීරු වෙන් කිරීමට මෙගා පොලිස් අමාත්‍යාංශය රුපියල් මිලියන 235ක් වියදම් කර ඇතැයි වාර්තා වෙයි. කොළඹ වාහන තදබදය නැවත්වීම එහි අරමුණ විය. ඒ අනුව ප්‍රධාන මාර්ග පහක බස් මංතීරු හඳුන්වා දීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 346ක ගිවිසුමකට එළැඹ ඇත.

 කිලෝමීටර් 36ක් සඳහා මිලියන 235ක් වැයකිරීම නිසා කිලෝමීටරයකට රුපියල් මිලියන හයකට වඩා වැය කර ඇතැයි හෙළි වී ඇත. බස් මංතීරුවල තීන්ත ආලේපනය, නාමපුවරු සවිකිරීම හා ප්‍රචාරණය වෙනුවෙන් මෙම මුදල් වැය වී තිබේ.

මෙතරම් මුදලක් වැයකළද බස් ප්‍රමුඛතා මංතීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නැත. රථවාහන තදබදයට නිසි විසඳුමක් ලබාදී නොතිබීමත් නිසා මහජන මුදල් අපතේ යැවීමක් සිදුකර ඇතැයි අමාත්‍යාංශ නිලධාරීන්ගේ මතය වේ.

2017 දී ඇරඹී මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය කිරීමට නියමිත මුළු කිලෝමීටර් ගණන 36කි. 2018 අවසන් වෙද්දී කිලෝමීටර් 21ක් ආවරණය කර ඇති අතර ඒ සඳහා වියදම් කර තිබූ මුදල රුපියල් මිලියන 104කි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දා වන විට තවත් මිලියන 131 ගෙවීමට නියමිතව තිබී ඇත. මේ අනුව 2018දී මුළු වියදම රුපියල් මිලියන 235ක් වෙන් කර ඇත. 

කිලෝමීටර් 36ක ප්‍රමුඛතා මංතීරු වෙන්කිරීමේදී ගාලු පාරේ කිලෝමීටර් 16ක්, පාර්ලිමේන්තු පාරේ කිලෝමීටර් 10ක්, තර්ස්ටන් පාරේ සිට රීච් මාවත දක්වා කිලෝමීටර් 4ක්, කොම්පඤ්ඤ වීදිය මාර්ගයේ කිලෝමීටර් 4ක්, කොටුව සිට පිටකොටුව දක්වා කිලෝමීටර් දෙකක් වශයෙන් වෙන්කර ඇත.

අනාගතයේ ජනාවාස ව්‍යාප්ත කළ යුතු ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ආර්ථික කොරිඩෝවන් සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අතර කිසිම සම්බන්ධයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම ගිවිසුමෙහි ඉඩම් පැවරීමක් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතැයි කී ඇමැතිවරයා එය මගින් සිදුකෙරන්නේ මහනුවර නගරයේ දැනට ක‍්‍රියාත්මක සහසර ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රට පුරා මාර්ග පද්ධතියක් සකස් කිරීම, ඉඩම් අමාත්‍යාංශයට ඉඩම් මැන අවසන් කිරීම සඳහා සහයදීම ආදිය පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

නිසි අධ්‍යාපනයක් නොලැබූ, තම දරුවන් විදේශයන්හි පදිංචි කරවා සිටින වංචනික දේශපාලකයින් කුමක් කීවත් රටට තිබෙන එකම ඇමෙරිකන් මරඋගුල වන්නේ ඇමෙරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමට යාම බව කී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් හෝ නොවිමසා ඇක්සා  ආදී හොර ගිවිසුම් අත්සන් කළේ එම ජනාධිපති අපේක්‍ෂකයා බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රටේ ආර්ථික කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ රටේ අනාගතයේ ඇතිවිය හැකි ඉඩම් හිඟය, ජල හිඟය, අධ්‍යාපන අවශ්‍යතා ආදී කරුණු මත රටේ අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා කීවේය.

එම ජාතික භෞතික සැලසුම සකස් කළේ මෙරට විද්වතුන් වසර ගණනක් මහන්සි වෙමින් බව කී ඇමැතිවරයා එයට ඇමෙරිකාවේ කවුරුත් සම්බන්ධ වී නැතැයි ද පැවසීය.

රටේ ජනාවාස අනාගතයේ දී මේ කොරිඩෝ වෙත ගෙන ආ යුතු බවට යෝජනා වී ඇතැයි කී ඇමැතිවරයා එය මුලින්ම කළේ පරාක‍්‍රමබාහු රජතුමාගේ සමයේ බවත්, රට ත‍්‍රිකුණාමලයෙන් මධ්‍ය ආසියාවට විවෘත කර මෙම කොරිඩෝව ඇතිකළේ එතුමා බවත් සඳහන් කළේය.

Page 1 of 5