November 13, 2019

විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල  ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රචාරක රැළියක්  අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ,

“අපි පසුගිය 25 වනදා මේ රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මේ රටේ උගතුන් බුද්ධිමතුන් පැසසුමට ලක්  කරනවා. මේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මෙන්ම මේ රටේ ජනතාවගෙනුත් අදහස් අරගෙනයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදල තියෙන්නේ. මගේ ධූර කාලය තුළ  මේ ප්‍රතිපත්ති  ප්‍රකාශනයේ සඳහන් සියලු කාරනා  ඉෂ්ඨ කරන්නවා  කියා මම ජනතාවට  පොරොන්දු වෙනවා. අපි ජාතික  ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. මේ රටේ තිබුණ ත්‍රස්තවාදය අවසන් කරලා නැවතත් එවැනි තර්ජනයක් ඇති නොවන ආකාරයට ආරක්ෂක ක්‍රියාදාමයක් ඇති කරල තිබුණා. ත්‍රිවිධ හමුදාව පොලීසිය  වැනි ආයතන මෙන්ම බුද්ධි අංශ එකතු කරලා යළිත් ඒ වගේ තත්ත්වයක් ඇති නොවන ආකාරයට අපි වැඩ පිළිවෙළක් ඇති කරල තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ  විදේශිය බලපෑම්වලට යටවෙන ඇමති මණ්ඩලයක් තියාගෙන  රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම්වලට යට වන  රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් කළේ නෑ. බුද්ධි අංශයේ නිලධාරින්ට ඒ අය ආරක්ෂක මණ්ඩලයේ කතා කරන්න ඉඩ දුන්නේ නෑ. ඔවුන්ගේ ලබා දුන් අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් ගත්තේ නෑ. එදා නිදහස ලබා දුන් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට අරන්  යන විදේශිය  ලියකියවිලි වලට අත්සන් කළා. බුද්ධි අංශ නිලධාරින් සිරගත කළා. මේ රටට අනතුරක් වනවානම් ඒ පිළිබඳව රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයයි. අපි එදා ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ බුද්ධි අංශ එකතු කරලා ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරල තිබුණා. ඒක තමයි එදා ජාතික ආරක්ෂාව ඒ ආකාරයට තිබුණේ. අපේ ප්‍රතිපත්තිවල  වැදගත්  තැනක් කෘෂිකර්මාන්තයට  වැවිලි කර්මාන්තයට අධ්‍යාපනයට  සෞඛ්‍යයට ලබා දිලා තියෙනවා.   වැවිලි කර්මාන්තය දියුණු කරන්න  නිසි අවධානයක්   යොමු වුණේ නෑ. ඒ නිසා තමයි   මේ වන විට ඒ කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ . කම්කරුවන්ගේ ඉඳලා ඉහළම සමාගම් දක්වා තේ කර්මාන්තය කඩා වැටිලා.  පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනල්ලා අපේ තේ වලට කලවම් කරලා  අපනයනය කිරීම නිසා සිලෝන් ටී යන නාමයට තිබුණ කීර්තිනාමය නැති  වෙලා ගියා."

"නමුත් අපේ රජයක් යටතේ නැවතත්  තේ කර්මාන්තය නගා සිටුවන්න ක්‍රියා කරනවා. අපි පිටරටවලට යවන්නේ ගුණාත්මක තේ විතරයි  තේ වගාව වර්ධනය කරන්න නැවත තේ වගා කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා ගුණාත්මක තේ  පිටරට යවලා විදේශ විනිමය ලබා ගන්න කටයුතු කරනවා. ඒ වගේමයි රබර් කර්මාන්තය  රබර් පිටරටින් ගෙනල්ලා අද රබර් ගස් ගලවා දමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. රබර් නැවත වගා කිරීම උනන්දු කරවලා  රබර් භාවිතා කරන කර්මාන්ත  ශාලා ඇති කරලා ආදායම් ලැබෙන තත්ත්වයට පත්  කරනවා. ඒ වගේම   පොල්  කර්මාන්තය  ලෝකයේ හැම රටකින්ම පොල්වලට ඉල්ලුමක් තියෙනවා. නමුත් අපේ පොල් වගාකරුවා කඩා වැටිලා. මේ ප්‍රදේශවල ජනතාව විශාල ආදායමක් ලබා ගත්ත අපනයන භෝග නොමැති නිසා  ගොවින්  අද කඩා වැටිලා. ගම්මිරිස්  වගා කරන දිස්ත්‍රික්ක නවයකම ගොවීන් අමාරුවේ වැටිලා. ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පිටරටන් බාල ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකා ගම්මිරිස්වලට මිශ්‍ර කරලා  අපනයනය කිරීම නිසා අපේ ගම්මිරිස්වලට තිබුණු මිලත් නැති වෙලා ගියා. නමුත් අපේ රජයක් යටතේ  මේ ගම්මිරිස් වගාව වැඩි දියුණු කරලා ගම්මිරිස් පිටරටවල්වලින් ගෙන්වීම නවත්වලා ගම්මිරිස්වලට හොඳ මිලක් ලබා දෙන්න කටයුතු කරනවා. කෘෂිකර්මාන්තය දියුණු කරලා මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න අපේ රජයක් යටතේ අපි කටයුතු කරනවා . ඒ වගේම අද දේශියකර්මාන්ත කරුවා කඩා වැටිලා  ඔවුන් නගා සිටුවන්නත්  අප  රජය යටතේ ක්‍රියා කරනවා. කෘෂිකර්මාන්තය දියුණු කරන්නයි අපි පොහොර   නොමිලයේ දෙන්නත් ගොවි ණය කපා හරින්නත් කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දෙන්නත් කටයුතු කරන්නේ. ඒ වගේම අද දේශීය කර්මාන්ත කරුවා කඩා වැටිලා. පිටරටවල්වලින් ලාබෙට බඩු ගෙනල්ලා අද අපේ දේශිය කර්මාන්ත සියල්ල කඩා වැටිලා.  අපේ රජයක් යටතේ දේශිය කර්මාන්තය නඟා සිටුවීමට අවශ්‍ය  සෑම පහසුකමක්ම ලබා දෙනවා” යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ගොවියා ආරක්ෂා කරගත හැකි පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කන්තලේ ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.‍

එහිදි අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ රට ආහාර වලින් ස්වං පෝෂිත කළ යුතු බවයි.

ගොවියාගේ ණය කපා හැරීමටද තමන් යෝජනා කළේ එම නිසා බවද ඒ මහතා පැවසීය.

රට දැය බෙරා ගත් රණවිරුවන්වගේ මානසිකත්වය වත්මන් ආණ්ඩුව කඩා දැමු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට සංවර්න කිරීමට නම් රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඉන්දියාව සහ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසක් ලෙස පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

පසුගිය සිකුරාදා එළිදැක්වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවදුරටත් දක්වා ඇති පරිදි, ලෝක ආර්ථික කේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වෙමින් තිබෙන නිසා ආසියාතික රටවල් සමග වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම විශේෂයෙන් දක්වා ඇති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු සාර්ක් සහ බිම්ස්ටෙක් ඉන්දියානු සාගර වෙරළ කලාප රටවල් සහ සංවිධාන සමග මනා අවබෝධයකින් කටයුතු කිරීම සිය අරමුණ බවද එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂයෙන් දක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

සිය විදේශ ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් ස්ථාපිත කිරීමේ යෝජනාවද ඉන්දීය මාධ්‍යවල පැසසුමට ලක්ව තිබීම විශේෂත්වයකි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්විමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක් වි ඇති නිසා ලබන මස 17 දින වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ජන්ද ලක්ෂ 27 කින් මේ රටේ ජනාධිපති වන බව ස්ථිර බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඔහුන්ට සහයෝගය දක්වන සියළුම පක්ෂ එක් ව ලක්ෂ 37 ජන්දයක් ලබා ගන්නා බවය.

වතු කම්කරුවාට රුපියල් 50ක වැටුපක් වැඩි කිරිමට නොහැකි වු එක්සත් ජාතික පක්ෂ රජයේ ජනාධිපති අපෙක්ෂකයා රුපියල් එක්දහස් පන්සියක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි ඇතත්, එම මුදල කිසිසේත් ඔහුන්ට ලබා දිමට නොහැකි බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රධාන පෙලේ යුරෝපා රටවල් දෙකකින් තමාට සහ තම පවුලට පුරවැසිභාවය ඉල්ලා තිබෙන බව එශියන් මිරර් වෙත වාර්තා වේ.

ආචාර්ය වික්‍රමරත්න මෙම ඉල්ලීම කර තිබුණේ පසුගිය කාලයේ එම රටවල සංචාරය කළ අවස්ථාවේදීය.

පුරවැසිභාවය බලාපොරොත්තු වීමට හේතු ලෙස ඔහු එහිදී පෙන්වා දී තිබෙන්නේ තමන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති හඳුන්වා දීම මත රාජපක්ෂ පවුල තමන් සමඟ වෛරයෙන් සිටින බවය. එමෙන්ම විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් තමන්ව විවේචනය කරන හඬ පටද ආචාර්ය වික්‍රමරත්න එම විදේශ රටවල නිලධාරීන්ට ඉදිරිපත් කර තිබේ. 

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ කඩ වැඩි බැවින් තමන් පළි ගැනීමකට ලක් වන බැවින් තමන්ට හා තම පවුලට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

මේ වන විට ආචාර්ය වික්‍රමරත්නගේ පුරවැසිභාවය ලබා ගැනීම පිලිබඳ ඉල්ලුම්පත අදාළ රටවල් සලකා බලමින් සිටින අතර ඔහුගේ හේතු දැක්වීමේ ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ද කරුණු සොයමින් සිටියි. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ. 

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබේ.

කෙසේ වෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුළත පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට පවතින බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.

එලෙස පිළිතුරු ලබාදීමක් සිදු නොකරන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් තොරව නඩු විභාගය සිදු කෙරෙනු ඇත.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට (19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව පුවත්පතක් සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්වීමට නියමිත එම මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම මත ගැටුමක සිටි අයෙකු බවද පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු එජාපයේ කිහිපදෙනෙකු සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එජාප මන්ත්‍රීවරයා රාජපක්ෂ මහතාට සහය දීමට එක්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් කිහිපදෙනෙකු ද එක් වනු ඇති බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

(ලංකාදීප)

එළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට නොමැතිව වෙනත් අයෙකුට අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත අවශ්‍ය බවද ඇය පෙන්වා දුන්නාය.

එසේ නොමැතිනම් වත්මන් ආණ්ඩුව විසුරුවා හැරීමට වසර හතරමාරක කාලයක් ගතවන බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුවේ වසර හතරහමාරක කාලය අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බවත් ඇය පෙන්වා දුන්නාය. එතෙක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කළ හැකි බවත් ඇය පැවැසුවාය.

මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ විස්සකගේ පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

අද (15) පෙරවරුවේ  කොළඹ පැවති  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඇල්පිටිය ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 5000 කට වැඩිය ලබා දෙමින් සියයට 13 ක ප්‍රතිශතයක් වාර්තා කරමින් බලාපොරොත්කු වුණාටත් වඩා හොඳ ප්‍රතිඵලයක් හිමි වු බවද අමරවීර මහතා මෙහිදී පැවසීය.

එයින් ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙන ජනතාවක් රටපුරා සිටින බව පෙනී යන බවත් පැවසු ඒ මහතා, ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නායකත්වය ලබා දුන් වර්තමාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සාමාන්‍ය ජනතාව වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා බාර දීමෙන් පසුව පළමුව ගියෙත් ඇල්පිටියට බව කියා සිටි මහින්ද අමරවීර මහතා, එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ඡන්ද පදනමිනුත් පහලට ගිය බව පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ඡන්ද ප්‍රතිශතය සියයට 69 දක්වා ඉහළ ගිය බවත්, එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේ තීරණාත්මක සාධකය බවට පෙනී යන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

තොණ්ඩමන් මහතාගේ එකතු වීම සමඟ තවත් ඡන්ද එක් ලක්ෂ ගණනක් සන්ධානය සමඟ එකතු වු බවත් පැවසු අමරවීර මහතා, ඉදිරි දිනවල දී තවත් පක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සමඟ බැඳී කටයුතු කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට එකඟතාවයට පළ කර ඇතැයි ද පැවසීය.

යුධ හමුදාවට නායක්තවය දුන්නේ තමන් හෝ තම සහෝදරයා (හිටපු ජනපති මහින්ද රාජපක්ෂ) නොව එවක යුද හමුදාපති (එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) බව හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිණී මීරා ශ්‍රී නිවාසන් මහත්මිය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Q යුද්ධයේදී ආරක්ෂක අංශ වෙත භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ? ඔවුන් කොහෙද?

A ඔබ වැරදියට වටහාගෙන තිබෙන්නෙ. මම යුද හමුදාවට නායකත්වය දුන්නේ නෑ. මගේ සහෝදරයාත් නෙමෙයි.යුද හමුදාව මෙහෙයවන්නේ යුද හමුදාපතියි.

Q ඔබ අනිවාර්යනේම මේ ගැන දැනගත යුතුයි? මේ ප්‍රශ්නය අහන ජනතාවට ඔබ මොකක්ද කියන්නේ?

A මොකක්ද ප්‍රශ්නය

Q යුද හමුදාවට භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ?

A යුද හමුදාවට භාර වුණ පුද්ගලයන් අපි පුනරුත්තාපනය කළා. ඔවුන් සමජයට ඒකාබද්ධ කළා. ඒ අයට රැකියා අවස්ථා දුන්නා. සමහර අය ආරක්ෂක අංශ වෙත බදවා ගත්තා.

මේ වගේ හොඳ පුනරුත්තාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ලෝකයේ වෙනත් රටක් නෑ. අපි ඔවුන්ව අත්අඩංගුවේ තබා ගත්තේ නෑ.

Page 1 of 14