March 21, 2019

පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගියදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වූ විශේෂ කාර්ය බළකායේ සියලුම නිලධාරීන්ට තමන්ගේ ප්‍රශංසාව පළකරන බවද අගමැතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඬලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටෙන් තුරන් කිරීමටත්,එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමටත් සිදු කළ මෙහෙයුම්වලදී විශේෂ කාර්ය සාධක බළකාය පසුගියදා අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම්සහගත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරනු ලැබිය.

වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ මහතා සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන්  ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන මහතුන් අත්සන් කර ඇත.

මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 700  ක් වශයෙන්ද තේ මිල අනුව දිනකට රු.50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු.40 ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිත අතර මාස තුනක හිග වැටුප්ද ගෙවිමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටියේ අද අත්සන් කෙරුණු අවබොධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවෝ විරෝධතා පැවැත්වනු ලැබිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහු පැවසුවේ, කෙතරම් දුෂ්කරතා පැවතිය ද ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවයි.

රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ ගෙවීමට ඇති ණය වාරික සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී සභාව දැනුවත් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රුපියල ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

නව රජයේ පළමු  කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

එහිදී 2019 වසරේ අයවැය ලේඛනය සහ අමාත්‍යවරුන්ගේ විෂය පථ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ඒෂියන් මිර්ර්  වෙත වාර්තා වේ.

එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේ අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථ ඇතුලත් කරමින් නව ගැසට් පත්‍රයක් යලි නිකුත් කිරීමට ජනපති එකග වූ බවය.

සබැදි පුවත් - රජයේ මාධ්‍ය මංගලට - පොලීසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට