January 16, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහු පැවසුවේ, කෙතරම් දුෂ්කරතා පැවතිය ද ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවයි.

රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ ගෙවීමට ඇති ණය වාරික සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී සභාව දැනුවත් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රුපියල ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව වේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමතයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණ පිළිඳව ද ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.

ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට වෙළෙඳ දැන්වීම් ලබාදීම සීමා කිරීම පිළිබඳව ද අමාත්‍ය මංගල සමරවීර අදහස් පළ කළේ ය.