May 12, 2024

පාසල් දරුවෙක් සුපිරි රියක් පදවා කළ මාරක අනතුර

November 04, 2021

අද (04) පෙරවරුවේ, වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වෙනවා.

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදී අද පෙරවරු 9.00ට පමණ එම අනතුර සිදුව තිබුණා.

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරු පැදි දෙකක, ත්‍රීරෝද රථයක සහ මෝටර් රථයක ගැටී තිබෙනවා.

මහබාගේ පොලීසිය සඳහන් කළේ, අවුරුදු 16ක් වූ තරුණයෙකු විසින් අදාළ අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇති බවයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදි අනාවරණ වී තිබෙනවා

අනතුරින් යතුරු පැදිකරුවෙකු මියගිය අතර, පසු පැදිකරු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

Rate this item
(3 votes)
Last modified on Friday, 05 November 2021 09:17