April 26, 2024

30% ක් ඡන්ද භාවිතයෙන් වැළකෙයි  

බස්නාහිර දකුණ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීමෙහි ප්‍රථම දිනය වූ අතර අද දිනයේ දී 70% ක ප්‍රතිශතයක් තැපැල් ඡන්දය භාවිත කර තිබූ බව මැතිවරණ නීරීක්ෂක කණ්ඩායම් පවසති.

එහෙත් ඡන්ද මධ්‍යස්ථාන බහුතරයක දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පැවති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසී ය.

මැතිවරණ කොමසාරිස්වරයා පත් කළ විශේෂ නියෝජිතයින් සියළු ඡන්ද මධයස්ථානවල ම පාහේ දක්නට ලැබීම විශේෂත්වයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

අද දිනය තුළ තැපැල් ඡන්ද භාවිතය සමස්තයක් ලෙස සාමකාමී බවත් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම් වැනි සුළු සිද්ධීන් කිහිපයක් හැරුණුවිට බරපතල සිදුවීම් කිසිවක් පිළිබඳ තොරතුරු අනාවරණ නොවූ බවත් ඒ මහතා පැවසුවේ ය.

එසේ ම හෙට දිනය තුළ ද තැපැල් ඡන්ද විමසීම සිදු වේ.

Rate this item
(1 Vote)