April 26, 2024

'සෙලින්කෝ රක්ෂණ' කොටස් හිමිකරුවන්ගෙන් සමාගමට නඩු

මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන සෙලින්කෝ රක්ෂණ සමාගම සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සමක් අද කොළඹ දිසා අධිකරණයේදී විභාගයට ගැනින.

ඒ අදාළ රක්ෂණ සමාගම අංශ දෙකක් යටතේ වෙන් කිරීම සිදු කිරීමේදී කිසිදු කොටස් හිමිකරුවෙකු වෙත දැනුම් නොදී සිදු කිරීම සම්බන්ධයෙන් වූ ගොනු කෙරුණු පෙත්සමකි.

මෙහිදී අදාළ රක්ෂණ සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ඉකුත් 17 වැනිදා පෙත්සම ගොනු කර තිබූ අතර එහිදී ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් කොටස් හිමිකරුවන් සම්බන්ධයෙන් පවතින සමාගමේ පනත් උල්ලංගනය වී ඇති බවයි.

තවද අදාල වෙන් කිරීම සම්බන්ධයෙන් වූ තොරතුරු පවා කොටස් හිමියන්ගෙන් වසන් කර ඇති බවටයි සමාගමට චෝදනා එල්ල වී ඇත්තේ.

පෙත්සම සම්බන්ධයෙන් අද අධිකරණයේදී සෙලින්කෝ රක්ෂණ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා ඊට විරෝධය පළ කළා.

කෙසේවෙතත් මේ වන විට සියලු රක්ෂණ සමාගම් පවතින්නේ ජීවිත සහ සාමාන්‍ය (Life/Genaral)යනුවෙන් අංශ දෙකක් යටතේයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 October 2014 14:43