April 26, 2024

ඇමති පුෂ්පකුමාර උඩවාඩියේදී 'අතරමං වෙයි' (ඡායාරූප සහිතයි)  

බඩල්කුඹූර, උඩවාඩිය ප්‍රදේශයට විදුලිය ලබාදිමේ වැඩසටහනකට  සහභාගි විමට ගිය පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇතුලු මාධ්‍ය කණ්ඩායමක් ඊයේ (22) එම ප්‍රදේශයට නොසිතු මොහොතක ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විශාල ජල පහරකට කොටුවි පැය 4ක පමණ කාලයක් එහි රැදිමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රදේශය ඉතා දුෂ්කර කදුකර භූමියක පිහිටා ඇති අතර මෙම වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගලා විශාල ජලධාරාවක් ගලා එම හේතුවෙන් සහ පස්කදු කඩාවැටීමෙන් වාහන ගමනාගමනයට දැඩි දුෂ්කරතාවයක් ඇති විය.

මෙහි දි මෙම කටයුත්ත ආවරණය කිරිම සදහා ගිය මාධ්‍යවේදින් කණ්ඩායමටද වර්ෂාව හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දිමට සිදුව ඇත.

ඇදහැලුන දැඩි වර්ෂාව හේතුවෙන් පැය 4ක පමණ කාලයක් ඇමතිවරයා ඇතුලු කණ්ඩායම මෙම ප්‍රදේශයේ රැදි සිටීමට සිදුවූ අතර පසුව දැඩි දුෂ්කරතාව මැද ප්‍රදේශයෙන් බැහැර විමට හැකි වී ඇත.

 

Rate this item
(0 votes)