April 27, 2024

එජාපය මැකො හමුවෙයි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද (23) මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා, මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද පෙරවරුවේදී මැතිවරණ කොමසාරිස්වරයා හමුවෙනු ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

මෙහිදී ආණ්ඩුව විසින් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සකාච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)