April 26, 2024

රජයට බැන්නට ගුටි පූජාවක්

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමයේ වීදි නාට්‍ය කණ්ඩායමට පානදුර බස් නැවතුම්පොලේදී ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එහි සාමාජිකයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

වීදි නාට්‍ය කණ්ඩායම සිය නාට්‍ය දර්ශනය අවසන් කරන අවස්ථාවේදී පොලු මුගුරු රැගෙන පැමිණි 30 පමණ පිරිසක් විසින් තම කණ්ඩායමට පහරදුන් බවයි වීථි නාට්‍ය කණ්ඩායමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම පිරිස අතර පොලිස් නිලධාරියෙකු, බස් රථ රියැදුරෙකු, වේලා සටහන් කරුවෙකු සිටි බවත් රජය විවේනය නොකරන ලෙස බලපෑම් කරමින් මෙම පහරදීම සිදු කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

මේ පිළිබඳව පානදුර පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 March 2014 16:29