April 26, 2024

ලංකාවේ අධ්‍යාපනයට හදවත් සැත්කමක් 

අධ්‍යාපනයේ වර්ධනයක් ඇති කරලීමට නම් ලංකාවේ මිනිසුන්ගේ හදවත වෙනස් කළ යුතු බව ජපානයේ කොනෝයුබි ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි කායාකෝ යමමොටෝ මහත්මිය සඳහන් කළා ය.

ජපානයේ පෙර පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපනය මට්ටම ලංකාවට වඩා දියුණු මට්ටමක පවතින බව ද එම මහත්මිය පෙන්වා දෙයි.

ජපානයේ පෙර පාසල් මුදල් වැය කරමින් ළමුන්ට අවශ්‍ය සියළු පහසුකම් ගොඩනගා ගෙන තිබෙන අතර එහි ළමුන්ගේ තාක්ෂණික දැනුම ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාවේ  උතුරුමැද පළාතේ ළමුන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිමට අවශ්‍ය සහය ලබා දෙන බවත් එම මහත්මිය සඳහන් කළා ය.

පෙර පාසල් සංවර්ධනය කිරිමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඉකුත් 12 වැනි දා පස්වරුවේ පළත් අධ්‍යාපන අමාත්‍යංශයේ දී  උතුරුමැද පළාත් අධ්‍යාපන සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය කේඑච් නන්දසේන මහතා සමග සාකච්ඡා කළ කායාකෝ යමමොටෝ මහත්මිය මේ බව පැවසී ය.

උතුරුමැද පළාත් අධ්‍යාපන සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් දිවයිනට පැමිණි කායාකෝ යමමොටෝ මහත්මිය උතුරුමැද පළාතේ ග්‍රාමිය ප්‍රදේශවල පෙරපාසල් මේ දිනවල  නිරික්ෂණයට ලක්කරමින් අධ්‍යාපනය හැදිරිමේ දී දරුවන් මුහුණ පාන ගැටළු පිළිබඳ නිසි අධික්ෂණයක නිරිත ව සිටී.

අමිල වනසිංහ

 

Rate this item
(0 votes)