April 27, 2024

වන්නි රක්ෂිතයත් රහසේම විනාශයි (PHOTOS)

September 24, 2014

වව්නියාව හා කිලිනොච්චි ප්‍රදේශ අතර පිහිටි රක‍ෂිත වනාන්තරවල මහා පරිමාණ දැව ජාවාරම් නැවතත් සීග්‍රයෙන් වැඩි වී ඇති බවට එම ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන තොරතුරු පෙන්වා දෙයි. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සිදුකරන ලද හදීසි සෝදිසි වැටලීම්වලින් මෙම මහපරිමාණ දැව ජාවාරම් කරුවන් පුලියන්කුලම්, මාන්කුලම් හා මල්ලාවි යන ප්‍රදේශවලින් පසුගිය දින කිහිපය තුලදී අත්අඩංගුවට ගත් බවත් සඳහන්.

යුද්දයෙන් පසුව වන්නි රක‍ෂිත වනාන්තරවල පිහිටි පලූ, බුරුත ආදි දැව මහපරිමාණයෙන් කපා විනාශ කෙරෙන අතර මේ සඳහා ඇතම් අවස්ථාවල බලවත් දේශපාලන බලපෑම් ආදි විවිධ වූ බලපෑම් තිබීම හේතුවෙන් වන සංරක‍ෂණ නිළධාරීන් මෙන්ම පොලීසියද ඇතම් අවස්ථාවලදී අපහසුතාවයන්ට පත් වන බවද අන්‍යනතාව හෙළි කිරීමට නොහැකි නිලධාරීයෙකු විසින් පෙන්වා දුනි.

පුලියන්කුලම ආනන්ද පුලියන්කුලම කනගරායන්කුලම වන්නි විලායන්කුලම් මාන්කුලම් මල්ලාවි ආදි ප්‍රදේශවලට පැමිණෙන දැව ජාවාරම් කරුවන් දිගු කලක් තිස්සේ වනාන්තරයේම රැදී ඉතා රහසිගතව කපන ලද ගස් ඉතා සූක‍ෂමව පොලිස් ඇසට හොරෙන් විවිධ වූ ආකාරයන්ට රක‍ෂිත වනාන්තරවල සිට ප්‍රවාහනය සිදු කරනු ඇති. මෙලෙස යාපනය දිස්ත්‍රික්කයට මෙම නීති විරෝධී දැව තොග වශයෙන් ප්‍රවාහණය කෙරෙන බවටද මේ වන විට තොරතුරු හෙළි වී තිබේ.

මේ පිළිබඳව රක‍ෂිත වනාන්තර අසල ගම්මානවල සිටින වැසියන් පෙන්වා දෙන්නේ වන්නි රක‍්ෂිතයේ තිබූ වටිනා ගස් සියල්ලක්ම මේ වන විට විනාශ වී ඇති බවත් මේ වන විට ඉතිරිව ඇත්තේ ප්‍රධාන මාර්ග අසල ඇති විශාල ගස් පමණක් බවත්ය.

(වන්නි - රොමේෂ් මධුෂංක)

කළුගල් ප්‍රවාහනය කරන මුවාවෙන් දැව ප්‍රවාහනය කරන ඡායාරූප පහතින් නරඹන්න..

Rate this item
(0 votes)