April 26, 2024

සීඅයිඩී ලොක්කා ඉවතට - නි. පොලිස්පති ප‍්‍රසාද් රණසිංහට සීඅයිඩිය බාර දෙයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර උතුර පළාත භාරව සිටි ප‍්‍රසාද් රණසිංහ මහතා පත්කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා සම්බන්ධයෙන් සාක්‍ෂි කිසිවක් නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

මෙම සිද්ධියෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුකර යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

නුවන් වෙදිසිංහ මහතා බස්නාහිර උතුර භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළිවීමත් සමගම එය මහත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් බවට පත්වී ඇත.

මෙම මාරුවීම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඊයේ (04) කි‍්‍රයාත්මක කර තිබේ.

Rate this item
(0 votes)