May 08, 2024

යාපනයේ ධනු රොක්ට පහර දුන් පස් දෙනෙකු අත්අඩංගුවට

September 29, 2020

යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක වූ ධනුරොක් නැමති කල්ලියේ නායකයාට පහරදුන් බවට සැකකෙරෙන පස් දෙනෙකු ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය පෙරුමාල් හින්දු කෝවිල අසලදී පසුගිය 26 වනදා ධනු නැමත්තා යතුරුපැදියකින් ගමන් කරන අතරතුරදී කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ විලින් පහරදී බරපතල තුවාල සිදු කොට ඔවුන් පැමිණි කාර් රථයද දමා පලා ගොස් තිබුණි.

අනතුරුව තුවාල ලැබූ ධනු නැමත්තාගෙන් ලබා ගත් තොරතුරුවලට දමා ගිය කාර් රථයේ හිමිකාරීත්වය අනුව සිදු කරන ලද පරික්ෂණවලදී ඊයේ දින මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් කල්ලියේ සාමාජිකයින් අතර මෝහන් අශොක් නැමත්තාද සිටින අතර අශෝක් නැමති කල්ලියේ නායකයා ඔහු බවට පොලීසිය සැක පල කර සිටියි.

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා නැමති කල්ලයේන් බෙදී සාදා ගත් කල්ලි වශයෙන් ධනුරොක් හා අශෝක් කල්ලි හැඳින් වූ අතර එම කල්ලි නායකයින් අතර පසුගිය කාලයේ කිහිප අවස්ථාවකදීම ගැටුම් ඇති වූහ.

කෙසේ වෙතත් පහරදීමේ චෝදනාව අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝම්බර් 09 වනදා දක්වා රිමාණ්ඩ් කරන කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් තුමන් විසින් නියෝග කරන ලදි. 

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)