April 26, 2024

බන්ධනාගාර රැඳවියන් 6000ක් ගැන තීන්දුව හිරවෙයි

September 24, 2020

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා නඩු ලිපි ගොනු 4000 ක පමණ වාර්තා ලබා දීමට ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. 

මෙම වාර්තා නිසි වේලාවට නොලැබීම නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින 6000ක පමණ පිරිසක් පිළිබඳව තීන්දුවක් ගත නොහැකි තත්ත්වයක් පවතින බව හිටපු අධිකරණ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.  

මේ තත්ත්වය නිසා මෙරට පවතින බන්ධනාගාර තිස් එක තුළ 12,000 ක් සිටිය යුතු වුවත් රැඳවියන් 26,000 ක් රඳවා සිටින බව ද ඔහු පැවසී ය.  

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින මෙම අඩුපාඩු මගහැරවීමට සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 93 න් 27 ක් දැනට පියවීමට පියවර ගන්නා බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)

Related items